Thursday, April 13, 2017

නොපසන් සිත ගෙන දේ දුක

සිතෙහි විවිධ ස්වරූප පවතී. පෘථග්ජනයාගේ සිත කෙබඳු ස්වරූප ගනීදැයි ක්‍ෂණිකව කිසිවෙකුට ප‍්‍රකාශ කළ නොහැකිය. සිතෙහි ක‍්‍රියාකාරීත්වය අනුව ඔහු කරන කියන දෑ පිළිබඳ නිසි අවබෝධයක් උපදවා ගැනීම සැබැවින්ම දුෂ්කරය. හොඳ කරන අයවලූන්ට හොඳ විපාකත් කරන ක‍්‍රියා කරන අයවලූන්ට නරක විපාකත් ලැබෙන බව දහමේ පෙන්වා දෙන අන්දමයි. ඒ පිළිබඳව ඉදිරිපත් කළ හැකි කදිම නිදසුන නම් පහතින් දැක්වෙන අවස්ථාවයි. 

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංව වහතෝ පදං

ධම්මපදයේ පළමුවැනි (යමක) වර්ගයේ පළමු ගාථාව මෙයයි. මෙහි සරල අදහස පිළිබඳ පහදා දෙන්නේ නම්,

අප ජීවිතයේ කරන, කියන සැම කටයුත්තක් සඳහාම මූලික වන්නේ අපගේ මනසයි. නොඑසේ නම් සිතයි. යමක් කිරීම පිණිස අදහස මුලින්ම උපදින්නේත් මනසෙහිමය. යමෙක් අපිරිසිදු මනසින් යුතුව (පදුට්ඨේන චිත්තේන) යමක් කියයිද (භාසති) යමක් කරයිද (කරෝති) එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසුපස ලූහුබඳියි. උපමාවකින් පෙන්වා දෙන්නේ නම් ගැල අදිනා වෘෂභයා පිටුපසින් නොනැවතීම යන ගැල්සක (චක්කංව වහතෝ පදං) මෙනි.

ඉහතින් වූ දේශනාව බුදුන් වහන්සේ සිදු කිරීම සඳහා හේතු පාදක වූ නිධාන කථාවද දැක්වීම මෙහිදී වටී. අප සම්බුදු හිමියන් පහළ වූ සමයේ සැවැත්නුවරෙහි මහාස්වර්ණ නම් ධනවත්, කුලවත් ව්‍යාපාරිනයෙක් සිටියේය. ඔහු දිනක් ස්නානය සඳහා ගංතෙරට ගොස් ආපසු එන ගමනේදී විශාල නුග වෘක්ෂයක් ඔහුහට දක්නට ලැබුණේය. ඔහු එම වෘක්ෂයේ මහා බලසම්පන්න දෙවිකෙනෙකු අධිගෘහිතව වාසය කරන්නේයැයි සිතා ගස අවට මැනවින් ශුද්ධ පවිත‍්‍ර කළේය. ඉන්පසු ඔහු වෘක්ෂය ළඟට පැමිණ වෘක්ෂාධිපති දෙවියන්ට කන්නලව් කරමින් ‘අනේ දේවතාවෙනි, මට දරුවන් නොමැති හෙයින් බොහෝ වේදනා විඳ ඇත්තෙමි. මාහට යම් විදියකින් හෝ දරුවෙක් ලැබුණහොත් ඔබ වහන්සේට මහත්වූ පූජාවක් සිදුකරන්නෙමී’යි කීවේය. කාලයද කෙමෙන් ගෙවී ගොස් කල්යත්ම ඔහුගේ භාර්යාවගේ කුසෙහි දරුවෙක් පිළිසිඳ ගත්තේය. දස එකඩමස් ඇවෑමෙන් පිරිමි දරුවෙක් බිහිවිය. නුගරුකෙහි වූ දෙවියන්ගේ අනුහසින් දරුවා ලැබුණේයැයි හැඟුණු නිසා ඔහු කුමරුට ‘පාල’ යනුවෙන් නම් තැබීය. කෙටිකලක් යත්ම තවත් දරුවෙක් ඉපදිණ. ඔහුට ‘චුල්ලපාල’ යනුවෙන් නම් තැබූ අතර පෙර දරුවාට ‘මහාපාල’ යනුවෙන් නම් තැබීය. 

දරුවන් උස්මහත් වන විට ඔවුනට අවශ්‍ය ශිල්ප ශාස්ත‍්‍රය පියා විසින් මනාව ලබාදුන්නේය. එසේම නිසි කල වයස පැමිණි පසු දෙදෙනාම විවාහ දිවියටද ඇතුළත් වූහ. බොහෝ දෙනා සැමදාම මල්පහන්සුවඳදුම් රැුගෙන බුදුන් වහන්සේ හමුවීමට සහ ධර්මදේශනා ඇසීමට දෙව්රම් වෙහෙරට යන බව දැක මහාපාලද ඔවුන් සමඟ සුදුවත් හැඳ විහාරයට ගොස් දම්දෙසුම් ඇසීය. දහමෙහි රසය විඳි ඔහු ඉන්පසුව දිනපතාම විහාරයට ගොස් බුදුහිමියන්ගේ දම්දෙසුම්වලට මැනවින් සවන් යොමු කළේය. දහමෙහි අගය තේරුම් ගත් ඔහු බුදුන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලැබීමට සිතාගෙන තමාගේ අදහස තම බිරිඳගෙන් සහ සහෝදරයාගෙන් විමසීය. ඔවුන් සියල්ලෝම මේ අදහසට එකහෙළාම අකැමැති වූහ. එනමුදු මහාපාලගේ දැඩි ඉල්ලීම මත ඔවුනට ඔහුගේ ඉල්ලීමට එකඟ වන්නට සිදුවිය. කල්යත්ම ඔහු බුදුන් සමීපයේ පැවිදි උපසම්පදාව ලැබීය. හොඳින් බණභාවනාද සිදු කළේය. 

වර්ෂ පහක්ම තම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සමීපයේ ඉතා කාරුණිකව, හික්මීමෙන් යුතුව වැඩ සිටි මහාපාල තෙරණුවෝ දිනක් බුදුන් සමීපයට පැමිණ ‘ස්වාමීනි, මම වර්ෂ පහක් මුළුල්ලේම මගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සමීපයේ හිඳිමින් ධර්මය මනාව ප‍්‍රගුණ කළෙමි. මම ධ්‍යාන වඩා කෙලෙස් තවා ගැනීමට වීර්යය කරමි. ඒ සඳහා මාහට උපදෙස් ලබාදෙන්න’ යනුවෙන් ගරු බුහුමන් සහිතව ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේද ඔහුට අවශ්‍ය කරන උපදෙස් ලබාදුන් සේක. මහාපාල තෙරුන්ද තවත් සැටනමක්ද සහිතව චාරිකාවේ යෙදෙමින් යොදුන් ගණනාවක් දුරට වැඩම කළේය. 

මහාපාල තෙරුන් ඇතුළු සඟපිරිසේ සන්සුන් ඉරියව් දැක පැහැදුණු එගම්වාසී ජනතාව උන්වහන්සේලාට එම ගමෙහි වැඩ සිටින මෙන් ආරාධනා කළහ. ඔවුන්ගේ ආරාධනාව ඉවසූ උන්වහන්සේලා එම වස් තුන්මාසය එහි වාසය කිරීමට කථිකා කරගත්හ. ඉමහත් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් ජනතාවද උන්වහන්සේලාට අවශ්‍ය කුටි, සක්මන් මළු, භාවනා ශාලා ආදිය හැකි ඉන්මනින් ඉදිකර දුන්හ. ඒ ගමෙහි හුන් එක් වෙදමහතෙකු උන්වහන්සේලා සමීපයට විත් ‘ස්වාමීනි, ඔබ වහන්සේලා යම් විදියකින් අසනීප වුවහොත් මම ඔබවහන්සේලාට බෙහෙත් කරන්නෙමි, මට දන්වන්න’ යනුවෙන් පවසා සිටියේය. උන්වහන්සේලාද එය පිළිගත්හ. 

වස් වාසය කිරීමේ ආරම්භක දිනය උදාවිය. අනෙක් භික්ෂූන් වහන්සේලා සම්මුඛ වූ මහාපාල තෙරුන් වහන්සේ මෙම වස් තුන්මාසය කෙසේ ගෙවීමට අපේක්ෂා කරන්නේදැයි විමසා සිටියේය. 

උන්වහන්සේලා සැවොම ප‍්‍රකාශ කළේ බුදුන් වහන්සේ පෙන්වා දුන් සිව් ඉරියව්වෙන් භාවනාදී කටයුතු කරමින් වැඩ සිටීමට අපේක්ෂා කරන බවයි. මහාපාල තෙරුන් උන්වහන්සේලා හමුවෙහි තමා සයනය කිරීමේ ඉරියව්ව හැර අනෙකුත් ඉරියව් තුනෙන් වැඩ හිඳීමට අපේක්ෂා කරන බව පවසා සිටියේය. උන්වහන්සේලාද එය මහත්සේ අගය කළහ. 

මේ ආකාරයෙන් දිනපතා භාවනාවේ යෙදුණු මහාපාල තෙරුන්ට දෙවැනි මාසයේ මුල් සතියේ එක් රාත‍්‍රියක දරුණු ඇස් රෝගයක් ඇති විය. පසුදා උදෑසන පි`ඩු පිණිස වැඩම කිරීමට අනෙක් භික්ෂූන් සූදානම් වන අවස්ථාවේ මහාපාල තෙරුන්ගේ අසනීපය උන්වහන්සේලාට දැකගන්නට හැකිවිය. වස් සමාදානය වූ දවසේ වෙදමහතා කියූ ප‍්‍රකාශය මතක් කළ උන්වහන්සේලා වෙදමහතාට මෙය දන්වාලූයෙන් ඔහු පැමිණ වටිනා තෙලක් ඇසෙහි ආලේප කිරීමට මහාපාල තෙරුන්ට ලබාදුන්නේය. බෙහෙත් ගල්වන ආකාරය පිළිබඳ උපදෙස්ද ලබාදුන්නේය. 

වෙදමහතා මහාපාල තෙරුන්ට බෙහෙත් දමනා ආකාරය පැවසුවත් උන්වහන්සේ තමාගේ ඉරියව් වෙනස් කිරීමට අකැමැති වූහ. එනම් සයනාසන ඉරියව්ව උන්වහන්සේ වස් සමාදාන දවසේම ප‍්‍රතික්ෂේප කළ නිසා බෙහෙත් දමන අවස්ථාවේවත් එම ඉරියව්ව වැඞීමට අකැමැති විය. හාන්සි වී උන්වහන්සේ ඇසට බෙහෙත් කළද එය නිසි පරිදි ඇසෙහි රැුඳුනේ නැත. ඒ නිසා අසනීපය වැඩි වෙනවා මිස අඩු වූයේ නැත. උත්සාහයෙන් යුක්තව ක‍්‍රියා කළ මහාපාල තෙරුන් අධිෂ්ඨාන කළේම කුමන අසනීපයක් වැළඳුනද මේ ආත්ම භාවයේ කෙසේ හෝ අර්හත් භාවය ලබාගැනීමටයි. ඒ නිසා ප‍්‍රමාද නොවී චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට උන්වහන්සේ නිරන්තරයෙන් භාවනා කරන්නට වූහ. 

වස්කාලය අවසන් වන දිනයට පෙර දිනයේ රාත‍්‍රියේදී මහාපාත තෙරණුවන්ගේ දෑස් නොපෙනීම ගියේය. අන්ධභාවයට පත්වූවේය. එනමුත් ඒත් සමඟම උන්වහන්සේ උතුම් වූ අර්හත් භාවයටද පත්ව සිටි සේක. පසුවදා උදෑසන පි`ඩු පිණිස වැඩම කිරීමට අනෙක් හිමිවරුන් ආරාධනා කළත් උන්වහන්සේගේ දෙඇස් අන්ධ වී ඇති අන්දම උන්වහන්සේලාට වැටහී ගියේය. ඉන්පසු උන්වහන්සේ ‘චක්ඛුපාල මහරහතන් වහන්සේ’ යනුවෙන් හැඳින්වීය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව ගිය උන්වහන්සේගේ දැඩි වීර්යවන්තභාවය නිසා තෙමසක් ඇවෑමෙන් උතුම් වූ අර්හත් භාවය ලබාගැනීමට හැකිවිය. 

වස්කාලයෙන් පසුව උන්වහන්සේලා නැවත දෙව්රම් වෙහෙරට වැඩම කළ සේක. දිනක් උන්වහන්සේලා දෙව්රමෙහි වැඩ සිටින අවස්ථාවේ මහා වැස්සක් ඇදහැළිණි. ඒ වැස්සට මැ`ඩියෝ වෙහෙරෙහි මළුවෙහි පිරී ඉතිරී ගියේය. සක්මන් භාවනාවේ නියුක්තව සිටි චක්ඛුපාල තෙරුන්ගේ පාදයට පෑගී බොහෝ මැඬියෝ මියගොස් සිටියහ. මෙය දුටු අනෙක් භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ සමීයුපයට ගොස් මේ බව පවසා සිටියහ. බුදුන් වහන්සේ මෙම සිදුවීමෙන් චක්ඛුපාල තෙරුන් වහන්සේට කිසිම පාපයක් සිදු නොවන බව පෙන්වා දුන්සේක. එයට හේතුව නම් රහතන් වහන්සේලාට මරණ චේතනාව පහළ නොවීමයි.

උතුම් වූ අර්හත් තත්ත්වයට පත්වූවත් කුමන පාපකර්මයක් නිසා චක්ඛූපාල තෙරුන් වහන්සේගේ ඇස් දෙකම අන්ධ වූයේ දැයි ඉන් අනතුරුව භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් විමසා සිටියහ. උන්වහන්සේගේ ඇස් දෙකම අන්ධ වීම කෙරෙහි ප‍්‍රමුඛ වූ විපාකය එහිදී බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ මෙසේ ප‍්‍රකාශ කර සිටි සේක.
‘මහණෙනි පෙර බරණැස් නුවර කසී කියලා රජ කෙනෙක් රජකම් කරමින් ඉන්න කාලෙක ගොඩක් ප‍්‍රසිද්ධ වෙද මහත්මයෙක් ඒ නුවරම වාසය කළා. ඉතින් දිනක් මේ වෙදමහත්මයා ළඟට එක්තරා දුප්පත්, ඇස් අන්ධ කාන්තාවක් ආවා. වෙදමහත්මයා කෙසේ හෝ තමන්ගේ දෙනෙත් සුව කර දෙන්නේ නම් තමාත් තමාගේ දියණියත් සමග වෙදමහත්මයාගේ නිවසේ මෙහෙකාරකම් කරදෙන බවත් ප‍්‍රතිඥාවක් වශයෙන් ප‍්‍රකාශ කර සිටියා. වෙදමහත්මයාත් මේ ගැන සිතා සතුටු වී ඇගේ ඇස් එක බෙහෙතකින්ම සුවපත් කළා. ඇස් සුවපත් වූ ක්ෂණයකින් එම මැහැල්ල වෙදමහත්මාට පොරොන්දු වූ ප‍්‍රතිඥාව සිහිපත් වුණා. ඇත්තටම ඇසට එසේ මෙහෙකම් කිරීමේ අදහසක් තිබුණේ නෑ. ඇස් දෙක සුවපත් කරගන්න සිතා ගෙන තමයි ඉහතින් වූ පරිදි ප‍්‍රතිඥාවක් දුන්නේ. 

පින්වත් මහණෙනි! අතීතයේ බරණැස් නුවර කසී කියලා රජකෙනෙක් රජකම් කරන යුගයේ ප‍්‍රසිද්ධ ඇස් වෙද මහත්මයෙකු වාසය කළහ. දිනක් කාන්තාවක් ඇසක් දුර්වල නිසා, මෙම වෙද මහතා ළඟට පැමිණ, සුව කර දෙන ලෙස ඉල්ලා සිටි අතර, ඇස හොඳ වුවොත්  දරුවන් සමඟ පැමිණ වෙද මහතා ළඟ බැල මෙහෙවරකම් කරන බවට ප‍්‍රතිඥාවක් වූවාය. වෙද මහත්තයා ඒ ගැන සතුටු වී එක බෙහෙතකින් ඇස සුවපත් කළහ. ඇස හොඳ වූ පසු ඒ මහලූ කාන්තාව ඇස හොඳ වුවහොත්,  දරුවන් සමඟ බැලමෙහෙකාරකම් කරන්න එන බවට වෙද මහත්මයාට පොරොන්දු වුණා. එය කිසිසේත් කළ හැකි දෙයක් නොවේ.

දිනක් වෙදමහත්මයා ඇය සමීපයට විත් ඇගේ ඇස් පෙනීම දැන් කෙසේදැයි විමසා සිටියා. ඇය එහිදී බොරු ලෙඩක් මවා පා තවමත් සුව වී නැති බව ප‍්‍රකාශ කර සිටියා. ඇය පවසන්නේ අසත්‍යයක් බව දැනගත් වෙදමහත්මා ඇයගේ වංචනික ක‍්‍රියාවට කෝප වී ඇයගේ ඇස් දෙක නැවතත් අන්ධ වීම සඳහා දරුණු විෂ සහිත බෙහෙතක් ලබාදුන්නා. මේ බෙහෙත ගැල්වූ පසු ඉහත කී කාන්තාවගේ ඇස් දෙකම අන්ධ වී ගියා. මේ කළ පාපකර්මයේ විපාකය තමයි චක්ඛුපාල තෙරුන් වහන්සේට විපාක වශයෙන් අවසාන ආත්ම භාවයේදී ලැබුණේ’ යනුවෙන් බුදුන් වහන්සේ අතීත සිදුවීම වදාළ සේක. 

මෙම දේශනාව සැබැවින්ම අපේ ජීවිත කෙරෙහිත් ඈඳා ගැනීම අතිශයින්ම වැදගත් වේ. මන්ද අපත් අපේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී කෝපාවිෂ්ට වී විවිධ අවැඩදායක දේවල් සිදු කරන නිසාවෙනි. අප කරන කියන දෑහි විපාකය අවබෝධ කරගන්නේ නම් කිසිදිනෙක එබඳු ක‍්‍රියා කිරීමට වෙහෙස ගන්නේ නැත. චක්ඛුපාල තෙරුන්ගේ කථාපුවත අපට මෙහිදී මහත් වැඩදායකය. උන්වහන්සේ පාපී සිතිවිල්ලකින් පෙර කළ ක‍්‍රියාවක අකුසල විපාකය එලෙසම ලැබුවේය. අපත් එවැනි වූ අයහපත් වැඩක් කළහොත් අපටද එවැනිම අයහපත් ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට සිදුවන්නේය. ඒ නිසා අපත් අකුසලින් දුරුව කුසල් වැඞීමට වෙහෙසගත යුතුයි. 

පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශ‍්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර - බිබිල.
0715326935

ණයගැති බවෙන් මිදෙමු.

           සමාජීය වශයෙන් මිනිසා දිවිගෙවීමේදී ඔහු සමාජයෙන් වෙන් කිරීම කෙරෙහි අතිශයින් බලපාන සාධකයක් ලෙස ණයවලින් යුක්තවීම දැක්විය හැකිය. බුදුදහමේ වරෙක පෙන්වා දෙන කරුණක් නම් සැපවත් ජීවිතයක් ලැබීම සඳහා ණයතුරස්වලින් මිඳී දිවි ගෙවීම වැදගත් වන බවයි. අණන සූත‍්‍රයේදී මේ බව මැනවින් පැහැදිලි වේ. අප සමාජයේ ඇති ජනප‍්‍රිය වදනක් ලෙස ‘මම ණයත් නෑ, බයත් නෑ’ යන කියමන දැක්විය හැකිය. අතීතයේ පටන් වර්තමාන සමාජ රටාව තෙක් ගෙනහැර බැලීමේදී සැබැවින්ම මිනිසා ණය වීම කෙරෙහි පැවතියේ කිසිසේත්ම සුබවාදී ආකල්පයක් නොවේ. යම්සේ මිනිසෙකු ණයක් වන්නේ නම් ඒ ඔහුට කිසිත් කරකියා ගත නොහැකි වූම විටෙක පමණකි. සමාජීය මිනිසුන්ද ණයබරින් වෙලී ඉන්නන් දෙස බැලූවේ සුබවාදී ආකල්පයකින් නොවේ. 
            කෙසේ නමුත් අතීතය හා වර්තමානය දෙස බැලීමේදී මේ තත්ත්වය යම් තරමක් පහව ගොස් ඇති බව පෙනේ. බොහෝ අවස්ථාවලදී විවිධ සමාගම්වලින් ණය ලබාදෙන බවක් පෙන්නුම් කරයි. පැරණි සමාජයේ ණයවීම සමාජයෙන් කොන් කිරීමට තරම් හේතුවක් වුවද වර්තමානයේ එම තත්ත්වය යටපත් වී ණය ගැනීම ජනප‍්‍රිය වී ඇත. නිවාසයක් තනා ගැනීමට, වාහනයක් මිළදී ගැනීමට, අලූතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, ඉඩමක් මිළදී ගැනීමට ආදී වූ විවිධ හේතුකාරණා නිසා මිනිසුන් බැංකුවලින් හෝ එබඳු ණය දෙන ස්ථානවලින් ණය ලබාගැනීමට පෙළඹී ඇති අයුරු මනාව වටහාගත හැකිය. එකවර විශාල මුදලක් සොයා ගැනීමේ ගැටලූව පිරිමසා ගනුවස් මේ ලෙස ඔවුහු එකවර විශාල මුදලක් ණයක් වශයෙන් ගෙන පසුකාලීනට එම ණය මුදල ‘ටික ටික ගෙවීමේ ක‍්‍රමයට’ පියවා දමති.

වර්තමානයේ ලොවෙහි ඇති ආර්ථික රටාව අනුව මිනිසෙකුට ණයක් නොවී ජීවත්වීම අසීරු, අපහසු කාර්යයකි. ඉහතින් පෙන්වා දුන් පරිදි තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ණය ගැනීමට ඔවුන් පෙළඹී ඇත. ඒ අනුව මෙසේ ණය ගැනීම කොටස් දෙකක් යටතේ විග‍්‍රහ කර දැක්විය හැකිය. එනම්,

1. ආයෝජනය සඳහා ණය ගැනීම
2. පරිභෝජනය සඳහා ණය ගැනීම

යනාදී වශයෙනි. මෙහිදී ආයෝජනය යනු තමන් යම්සේ ආරම්භ කරන වෙළඳ ව්‍යාපාර කටයුත්තක් සාර්ථක කරගැනීම පිණිස ගන්නාවූ ණය මුදලයි. පරිභෝජනය සඳහා ගන්නාවූ ණය වශයෙන් දක්වා ඇත්තේ තමාගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවන් සඳහා ගන්නාවූ ණය මුලදයි. මෙසේ ගන්නාවූ ණය මුලද ආපසු ගෙවීමේදී ගැටලූකාරී තත්ත්වයක් පැනනගී. එනම් ඒ මුදල් සැබැවින්ම නැවත තමන් උපයාගෙන එය ගෙවිය යුතු හෙයිනි. ඉහතින් පෙන්වා දුන් ආයෝජන ව්‍යාපාර මගින් තමන්ට කෙසේ හෝ මුදල් ඒකරාශී කරගත හැකි අතර පරිභෝජන ක‍්‍රියාවලියේදී මුදල් ‘වැය’ වීමක් මිස ‘අය’ වීමක් සිදු නොවේ. 

ණය වීම පිළිබඳ බුද්ධ දේශනාවේ කෙසේ සඳහන් වේදැයි මෙහිදී විමසා බැලීම වටී. මෙහිදී ඉණ සූත‍්‍රයේ පෙන්වාදී ඇති කරුණු අතිශයින් වැදගත් වේ. ණය වීම හා ඉන් ලැබෙන අසහනකාරී මානසික වාතාවරණය පිළිබඳ බුදුන් වහන්සේ සහ ශ‍්‍රාවක භික්ෂූන් අතර ඇතිවූ සංවාදය ඒ පරිදිම දක්වා ලීම ඔබට ණයවීම මගින් ඇති වන අසහනකාරී මානසිකත්වය මැනවින් අවබෝධ කරගැනීමට මංපෙත් විවර කරනු ඇත. 

බුදුන් වහන්සේ :- ‘පින්වත් මහණෙනි, කම්සැප විඳිමින් සිටින ගිහි පුද්ගලයෙකුට එදා වේල සොයා ගැනීමටවත් නොහැකිව, අඳින්නට ඇඳුමක් නොමැතිව, සන්තකයේ කිසිදු මුදලක් නැතිව දුප්පත්ව සිටීමට සිදුවුවහොත් එය දුකක් නොවන්නේද?’

ශ‍්‍රාවක භික්ෂූන් වහන්සේලා :- ‘එසේය ස්වාමීනි, ගිහි පුද්ගලයෙකුට සන්තකයේ කිසිදු මුදලක් නොමැතිව ජීවත් වීම කළ නොහැක්කකි. එය දුකක්මය.’ 


බුදුන් වහන්සේ :- ‘පින්වත් මහණෙනි, එසේ පිහිටක් නොමැති, ජීවත් වීමට නොහැකිව සිටින මිනිසාට ජීවත් වීම පිණිස කිසියම් වූ ණය මුදලක් ගැනීමට සිදු වුවහොත් එය දුකක් නේද?’

ශ‍්‍රාවක භික්ෂූන් වහන්සේලා :- ‘එසේය ස්වාමීනි, එයද දුකක් වන්නේමය. ඔහුට සමාජයේ ‘දිළින්දා’ යනුවෙන් නමක්ද පටබැඳෙන අතර ණය බරින් වෙලී ජීවත් වීමට සිදුවේ. තමන්ට ණයකාරයෙකු වීමට සිදුවීම ගැන සැබැවින්ම ඔහු දුකින් තැවේ.’

බුදුන් වහන්සේ :- ‘පින්වත් මහණෙනි, දුප්පත් පුද්ගලයා ණයක් ගත් කල්හි එම ණය මුදලට සරිලන පොලියක් ද එකතු වීම නිසා ඔහුගේ දුක තවතවත් වැඩි වන බව සැබෑව නේද?’

ශ‍්‍රාවක භික්ෂූන් වහන්සේලා :- ‘එසේය ස්වාමීනි, ණය මුදලට අමතරව පොළියකුත් ණය මුදලටම එකතු වීම නිසා ඔහුගේ ණය මුදල තවතවත් වැඩිවේ. මෙය ඔහුට දරාගත නොහැකිය. දුක වැඩිවීමටද එය හේතුවක් වේ.’

බුදුන් වහන්සේ :- ‘පින්වත් මහණෙනි, මෙම දුප්පත් ණයකරුවාගේ පොලිය වැඩෙනවා. ඔහුට පොලිය ගෙවා ගන්නත් නොහැකියි, ණය ගෙවා ගන්නත් නොහැකියි. මේ නිසා කිහිප දිනකින්ම ණය ලබාදුන් තැනැත්තා චෝදනා පත‍්‍රයක් ණයකරුවා වෙත යොමුකරයි. ණය මුදලත් පොළියත් ගෙවිය යුතු බව ඔහු නැවත නැවත ඉල්ලා සිටිනවා. ණයකරුවා ගත් ණය මුදල ගැනත් ඔහුට පියවීමට ඇති පොලිය ගැනත් නැවත නැවත මතක් කරමින් චෝදනා කරනවා. මෙය දිළිඳු පුද්ගලයාට සැබැවින්ම දුකක් නේද?  එපමණකුත් නොවෙයි,

පින්වත් මහණෙනි, දැන් ඒ විදිහට මතක් කර කර චෝදනා කරන විට මොහු කරන්නට දෙයක් නොමැතිව හැංගෙනවා. එසේ හැංගෙන කොට ඔහුට ණය දුන් අය ඔහුව පන්න පන්නා හොයනවා. මහණෙනි, ණය දුන් අය එසේ මොහුගේ පස්සෙන් පැන්න වීම දුකක් නොවේද?’

ශ‍්‍රාවක භික්ෂූන් වහන්සේලා :- ‘එසේය, ස්වාමීනි, එයත් දුකකි.’

බුදුන් වහන්සේ :- ‘පින්වත් මහණෙනි, ණය ගෙවා ගැනීමට නොහැකිව මොහු සැඟවී සිටින විට, ණය දුන් අය පැමිණ මොහු අල්ලා ගනී. එසේ අල්ලා නීති මාර්ගයට ඉදිරිපත් කොට මොහුව හිරේ විලංගුවේ දමන්නේය. මහණෙනි, දුප්පත් මනුෂ්‍යයෙකු එසේ හිරේ විලංගුවේ වැටීම දුකක් නොවේද?’

ශ‍්‍රාවක භික්ෂූන් වහන්සේලා :- ‘ස්වාමීනි, එයත් දුකකි.’

බුදුන් වහන්සේ :- ‘පින්වත් මහණෙනි, මෙලෙස කම්සැප විඳිමින් අඹු දරුවන් ආරක්ෂා කරමින් නඩත්තු කරමින් එහි ජීවිතය ගත කරන්නට කැමැති වී සිටින කෙනෙකුට මේ ලෝකයේ දිළින්දෙකු ලෙස ඉන්නට සිදුවුවහොත් එයද දුකකි. මේ ලෝකේ කම්සැප විඳින කෙනෙක් ඒ වගේ ණයක් අරගෙන ඒ ණයට පොලිය වැඩෙනවා යන්නද දුකකි. එම පොලිය වැඞීම නිසා ණය දුන් අය මොහුට ණය මතක් කරමින් බනියි; පොලිය ඉල්ලමින් බනියි. එයද මොහුට දුකකි. ණය නොගෙවූ හෙයින් ණය දුන් අය පස්සෙන් පන්නාගෙන ඒමද දුකකි. ඔහු මොහු අල්ලාගෙන හිරේ විලංගුවේ දමයි. එයද දුකකි.’

මෙම සංවාදය අනුව ණය ගැනීමෙන් වන විපත මනාව හඳුනාගත හැකිය. එසේ වුවද පරිභෝජනය සඳහා තමන්ට ණය ගැනීමට සිදුවේ නම් එය ගැනීම වරදක් නොවන බව පෙන්වා දී ඇත. තමන් ගත් ණය මුදල ඉතා ඉක්මනින් ගෙවා දැමීමට ඔහු කටයුතු කළ යුතු බව බෞද්ධ දේශනාවේ පෙන්වා දී ඇත. මන්දයත් ණය බරින් මිඳී ජීවත් වීම සැබැවින්ම සතුටට හේතුවක් වන බැවිනි. 

     ‘මහණෙනි, යම්සේ පුරුෂයෙකු පොලියට ණය මුදලක් ගෙන කර්මාන්ත කරන්නේද ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම් ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත්නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේද, එසේවූ ඔහුට මම පළමුව ණය මුදල් ගෙන කර්මාන්ත කළෙමි. ඒ මාගේ කර්මාන්ත සමෘද්ධ විය. එසේ මම යම් පැරැුණි ණය මුදල් වී නම් ඒ සියල්ලත් ගෙවා අවසන් කළෙමි. අඹුදරුවන් රැුකීමට වැඩිපුර ඉතිරි වූ මුදලක්ද මට ඇතැයි සිතන්නේද හේ එම ණය නැති බව හේතු කොටගෙන, සතුටට සොම්නසට පත්වෙයි.’ යනුවෙන් බුද්ධ දේශනාවේ ඒ බව දක්වා තිබේ. 
පරිභෝජනය සඳහා හෝ ආයෝජනය සඳහා ගත් ණය මුදල් සියල්ලම ගෙවා දැමිය යුතුමය. වර්තමානයේ ඇතැම් අය විශාල ලෙස බැංකුවලින් ණය මුදල් ගෙන ඒවා නොගෙවා ඒවාට වංචා කරන අයුරු කෙතෙකුත් දක්නට හැකි වෙයි. එමෙන්ම ඇතැම් පුද්ගලයන් තවත් අයෙකුගෙන් ණය මුදල් ගෙන, පසුව ‘තමා එසේ ණය නොගත්තේ යැ’යි කියමින් පලා යන අවස්ථාද දැකිය හැකිය. එවැනි පුද්ගලයින් වසලයන් බැව් වසල සූත‍්‍රයේ (යො හවේ මාදාය, චුජ්ජමානෝ පලායති නහි තේ ඉණමත්ථිති, තං ජඤ්ඤ වසලෝ ඉති) සඳහන් වේ. 

             යම් පුද්ගලයෙකු ණයක් ගෙන එම ණය ඉතා ඉක්මණින් ගෙවා නිදහස් වේ නම්, ඔහුගේ සිතට එය මහත් සැනසිල්ලකි. එමෙන්ම කිසිවකුට කිසිසේත්ම ණය නොවූ පුද්ගලයකු තමා ණය නොවූවකු හෙයින් සතුටු වීම, ‘අනණ සුඛ’ යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. ඒ බැව් අංගුත්තර නිකායේ අනණ සූත‍්‍රයෙහි ‘ගැහැවිය, අනණ සුඛය කවරේද යත්, ගැහැවිය, මෙලොව කුල පුත‍්‍රයෙක් කිසිවකුට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිඳු ණයක් නොමැති වීමේ සුඛය විඳියි. සොම්නස විඳියි. ගැහැවිය මේ අනණ සුඛ යැයි කියනු ලැබේ’ යනුවෙන් අන්තර්ගතව ඇත. මේ අනුව ණය නොවී ගෙවන ජීවිතය සැබැවින්ම සැපවත් එකක් බව ඉහත දේශනා අනුසාරයෙන් මනාව වටහාගත හැකිය. 

රාජකීය පණ්ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශ‍්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර - බිබිල.
0715326935

Description: C:\Users\CHANAKA\Desktop\Yalkubura.jpg




මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ, යල්කුඹුර, බිබිල.

නිවාසාන්තර තරගාවලිය - 2017 වර්ෂය 03 මස 21 -22 දෙදින


  • බෞද්ධ චිත‍්‍ර (පූර්ව ප‍්‍රාථමික)      

  1. මෑඩියගොල්ලේ සමිත හිමි - දිනිදු නිවාසය
  2. පල්ලේකිරුවේ කුසලධම්ම හිමි  - දිනිදු නිවාසය             
  3. අසිත දිල්ෂාන්   - තරිදු නිවාසය 


  • බෞද්ධ චිත‍්‍ර (ප‍්‍රාථමික)  

  1. එල්. ඩබ්. කෞෂාන් යුරේෂ් - තරිදු නිවාසය                                            
  2. ඊතණවත්තේ දේවදස්සි හිමි - තරිදු නිවාසය                                                       
  3. වාහල්කඩ අරියරක්ඛිත හිමි - දිනිදු නිවාසය   

    
  • ගද්‍ය රචනා (පූර්ව ප‍්‍රාථමික)

  1. දිඹුල්දෙන සීලවිමල හිමි - දිනිදු නිවාසය             
  2. ඔක්කම්පිටියේ සුගතවංස හිමි - දිනිදු නිවාසය                             
  3. ආර්. එම්. රවිශ්ක මධුෂාන්  - තරිදු නිවාසය

                                   
  • ගද්‍ය රචනා (ප‍්‍රාථමික)

  1. එල්. ඩබ්. කෞෂාන් යුරේෂ් - තරිදු නිවාසය                                
  2. ඊතණවත්තේ දේවදස්සි හිමි - තරිදු නිවාසය                                                                   
  3. ඞී. එම්. වසන්ත කුමාර - දිනිදු නිවාසය              

           
  • දෙමළ අත් අකුරු (පූර්ව ප‍්‍රාථමික)

  1. සියඹලාණ්ඩුවේ ධම්මික හිිමි - දිනිදු නිවාසය                              
  2. කණුගොල්ලේ වජිර හිමි - තරිදු නිවාසය                                                
  3. ලියන්ගහවෙල නන්ද හිමි - තරිදු නිවාසය                                   

           
  • දෙමළ අත් අකුරු (ප‍්‍රාථමික)          

  1. කොටියාගල අනුරුද්ධ හිමි - දිනිදු නිවාසය                                           
  2. ආර්.ඞී. ක‍්‍රිෂාන් චන්දික  - තරිදු නිවාසය                                     
  3. ගුරුමඩ උදිත හිමි - දිනිදු නිවාසය


  • අත් අකුරු (පූර්ව ප‍්‍රාථමික)        

  1. කණුගොල්ලේ වජිර හිමි - තරිදු නිවාසය                                                
  2. කොටියාගල සාරද හිමි   - දිනිදු නිවාසය                         
  3. සියඹලාණ්ඩුවේ ධම්මික හිමි - දිනිදු නිවාසය      

  • අත් අකුරු (ප‍්‍රාථමික)    

  1. ආර්. ඞී. ක‍්‍රිෂාන් චන්දික - තරිදු නිවාසය                                                
  2. ආර්. මනෝජ් මිලාන් - දිනිදු නිවාසය                             
  3. කේ. එස්. ඞී. ඉසුරු ධනංජය - දිනිදු නිවාසය

           
  • දෙමළ කථික (පූර්ව ප‍්‍රාථමික) 

  1. බිබිලමුල්ලේ රතන හිමි - තරිදු නිවාසය                                    
  2. ඞී. එම්. අකිල - දිනිදු නිවාසය                
  3. ලියන්ගහවෙල නන්ද හිමි - තරිදු නිවාසය                                

  • දෙමළ කථික (ප‍්‍රාථමික)         

  1. ඞී. එම්. වසන්ත කුමාර   - දිනිදු නිවාසය 
  2. ආර්. එම්. තරිඳු රණසිංහ - දිනිදු නිවාසය            
  3. ඞී. එම්. ලසන්ත කුමාර  - තරිදු නිවාසය                        

           
  • ඉංග‍්‍රීසි කථික (පූර්ව ප‍්‍රාථමික)

  1. ඔක්කම්පිටියේ සුගතවංස හිමි     - දිනිදු නිවාසය 
  2. යල්කුඹුරේ චන්දිම හිමි  - තරිදු නිවාසය                         
  3. සියඹලාණ්ඩුවේ ධම්මික හිමි -  දිනිදු නිවාසය

           
  • ඉංග‍්‍රීසි කථික (ප‍්‍රාථමික)         

  1. කේ. එච්. එම්. කාවින්ද  - දිනිදු නිවාසය 
  2. ජඹුරේවෙල සරණරතන හිමි - තරිදු නිවාසය                                                      
  3. ඒ. ජී. චානක     - තරිදු නිවාසය


  • ධර්මදේශනා (පූර්ව ප‍්‍රාථමික) 

  1. දොඩම්ගොල්ලේ ධම්මදස්සි හිමි - තරිදු නිවාසය                                                
  2. පල්ලෙකිරුවේ කුසලධම්ම හිමි  - දිනිදු නිවාසය             
  3. මහියංගණේ රතන හිමි   - තරිදු නිවාසය             


  • ධර්මදේශනා (ප‍්‍රාථමික)         

  1. ඊතණවත්තේ දේවදස්සි හිමි - තරිදු නිවාසය                                                       
  2. ජඹුරේවෙල සරණරතන හිමි - තරිදු නිවාසය      
  3. මහගම ධම්මසිද්ධි හිමි   - දිනිදු නිවාසය

  •    සංස්කෘත කථික (පූර්ව ප‍්‍රාථමික) 

  1. එම්. එම්. සස්මිත - දිනිදු නිවාසය                       
  2. දිඹුල්දෙන සීලවිමල හිමි - දිනිදු නිවාසය
  3. ජේ. එම්. කිසල් විශ්ව - තරිදු නිවාසය                             


  • සංස්කෘත කථික (ප‍්‍රාථමික)         

  1. වාහල්කඩ අරියරක්ඛිත හිමි - දිනිදු නිවාසය                                           
  2. කේ. ආර්. ඞී. ඉසුරු ධනංජය - දිනිදු නිවාසය                              
  3. අලූත්වෙල සීලරතන හිමි - තරිදු නිවාසය                                               

           
  • පාලි කථික (පූර්ව ප‍්‍රාථමික)

  1. කණුගොල්ලේ වජිර හිමි - තරිදු නිවාසය                        
  2. බිබිලේ සෝභිත හිමි - දිනිදු නිවාසය      
  3. බිබිලමුල්ලේ රතන හිමි - තරිදු නිවාසය            

  • පාලි කථික (ප‍්‍රාථමික)         

  1. නුගේලන්දේ ධම්මවිමල හිමි - තරිදු නිවාසය                                          
  2. ගුරුමඩ උදිත හිමි - දිනිදු නිවාසය                                              
  3. ආර්. ඞී. ක‍්‍රිෂාන් චන්දික - තරිදු නිවාසය                        


  • සිංහල කථික (පූර්ව ප‍්‍රාථමික) 

  1. දිඹුල්දෙන සීලවිමල හිමි - දිනිදු නිවාසය
  2. දොඩම්ගොල්ලේ ධම්මදස්සි හිමි                                    
  3. කේ. එස්. ඞී. උදිත සංජීව - තරිදු නිවාසය            

                       
  • සිංහල කථික (ප‍්‍රාථමික)         

  1. වාහල්කඩ අරියරක්ඛිත හිමි - දිනිදු නිවාසය                               
  2. ඞී. එම්. වසන්ත කුමාර   - දිනිදු නිවාසය                         
  3. නුගේලන්දේ ධම්මවිමල හිමි - තරිදු නිවාසය                             

  • දේශන කුසලතා (පූර්ව ප‍්‍රාථමික)

  1. කුකුරම්පොල සුමන හිමි - දිනිදු නිවාසය            
  2. දිඹුල්දෙන සීලවිමල හිමි - දිනිදු නිවාසය             
  3. ලියන්ගහවෙල නන්ද හිමි - තරිදු නිවාසය                                             

  • දේශන කුසලතා (ප‍්‍රාථමික)         

  1. ඊතණවත්තේ දේවදස්සි හිමි - තරිදු නිවාසය                                                       
  2. කොටියාගල අනුරුද්ධ හිමි - දිනිදු නිවාසය                                            
  3. මහගම ධම්මසිද්ධි හිමි - දිනිදු නිවාසය   

           
  • ධම්මචින්තාව (පූර්ව ප‍්‍රාථමික) 

  1. කුකුරම්පොල සුමන හිමි - දිනිදු නිවාසය            
  2. කොටියාගල සාරද හිමි   - දිනිදු නිවාසය                        
  3. ආර්. එම්. රවිශ්ක දිල්ෂාන් - තරිදු නිවාසය                                  


  • ධම්මචින්තාව (ප‍්‍රාථමික)         

  1. ඞී. එම්. වසන්ත කුමාර   - දිනිදු නිවාසය                         
  2. කේ. ඩබ්. කෞෂාන් යුරේෂ්  - තරිදු නිවාසය                                                                   
  3. නුගේලන්දේ ධම්මවිමල හිමි - තරිදු නිවාසය                  

           
  • ආගමික වැඩ මෙහෙයවීම (පූර්ව ප‍්‍රාථමික) 

  1. දොඩම්ගොල්ලේ ධම්මදස්සි හිමි - තරිදු නිවාසය                                    
  2. සියඹලාණ්ඩුවේ ධම්මික හිමි - දිනිදු නිවාසය                              
  3. පල්ලේකිරුවේ කුසලධම්ම හිමි  - දිනිදු නිවාසය


  • ආගමික වැඩ මෙහෙයවීම (ප‍්‍රාථමික)         

  1. ජඹුරේවෙල සරණරතන හිමි - තරිදු නිවාසය                                                                  
  2. මහගම ධම්මසිද්ධි හිමි   - දිනිදු නිවාසය 
  3. මල්ලැහැවේ මහින්ද හිමි - තරිදු නිවාසය

                                   
  • පද්‍ය ගායනා (පූර්ව ප‍්‍රාථමික)

  1. කුකුරම්පොල නාරද හිමි - තරිදු නිවාසය                        
  2. කුකුරම්පොල සුමන හිමි - දිනිදු නිවාසය
  3. බටවල සාරද හිමි - දිනිදු නිවාසය

           
  • පද්‍ය ගායනා (ප‍්‍රාථමික)         

  1. කොටියාගල අනුරුද්ධ හිමි - දිනිදු නිවාසය                                            
  2. ඊතණවත්තේ දේවදස්සි හිමි - තරිදු නිවාසය                                                                   
  3. ඒ. ජේ. චානක   - තරිදු නිවාසය 

                       
  • හසුරු කුසලතා (පූර්ව ප‍්‍රාථමික) 

  1. ආර්. කේ. ඞී. අසිත දිල්ෂාන් - තරිදු නිවාසය                               
  2. ඒ. එම්. නවීන් ප‍්‍රදීප් - තරිදු නිවාසය                                                                    
  3. එම්. එම්. සස්මිත - දිනිදු නිවාසය

           
  • හසුරු කුසලතා (ප‍්‍රාථමික)         

  1. මනෝජ් මිලාන් - දිනිදු නිවාසය                        
  2. දිල්ෂාන් මධුෂික - තරිදු නිවාසය                                                
  3. අලූත්වෙල සීලරතන හිමි - තරිදු නිවාසය           

                       
  • ගණිත ඥාන (පූර්ව ප‍්‍රාථමික) 

  1. ලියන්ගහවෙල නන්ද හිමි - තරිදු නිවාසය                                                           
  2. පල්ලේකිරුවේ කුසලධම්ම හිමි  - දිනිදු නිවාසය
  3. කිසල් විශ්වකුමාර - තරිදු නිවාසය

                       
  • ගණිත ඥාන (ප‍්‍රාථමික)         

  1. වාහල්කඩ අරියරක්ඛිත හිමි - දිනිදු නිවාසය                                           
  2. ඞී. එම්. වසන්ත කුමාර   - දිනිදු නිවාසය
  3. ක‍්‍රිෂාන් චන්දික - තරිදු නිවාසය  

                                   
විවාද තරගය
(පූර්ව ප‍්‍රාථමික)              1          198      - දිනිදු නිවාසය
                                                 2          175   - තරිදු නිවාසය                            
විවාද තරගය
(ප‍්‍රාථමික)                      1          215   - තරිදු නිවාසය    
                                               2          200      - දිනිදු නිවාසය

පරිසර අලංකරණය       1          70        - තරිදු නිවාසය             
                                                   2          50        - දිනිදු නිවාසය

නිවාස ලාංඡනය            1          66        - තරිදු නිවාසය             
                                                  2          50        - දිනිදු නිවාසය

මුලූ ලකුණු          3546    - තරිදු නිවාසය 
                                                3878 - දිනිදු නිවාසය

මේ අනුව 2017 වර්ෂයේ පැවැත්වූ නිවාසාන්තර තරගාවලියේ 332 ක වැඩි ලකුණු සංඛ්‍යාවකින් ජයග‍්‍රහණය ලබන්නේ දිනිඳු නිවාසය යි.



දිනය :- 2017 - 03 - 23


නිවාසාන්තර තරග කටයුතු භාර ආචාර්ය                                                පරිවේණාධිපති හිමි
බුද්ධික සෙනෙවිරත්න මහතා                                                          පදියතලාවේ ඤාණවිමල හිමි