Saturday, October 27, 2018

විනය පිටකයේ ඇරඹුම හා විකාශනය සිදු අයුරු

සම්බුදු හිමියන් ලොව පහළ වූයේ කි‍්‍රස්තු පූර්ව 05 වන සියවසේ දී ය. එවකට භාරතීය සමාජයේ ව්‍යාප්තව පැවති මිථ්‍යා මතවාද ඛණ්ඩනය කොට සත්‍යවාදී වූ නිර්මල, පිවිතුරු, ගැඹුරු දහම භාරතය පුරා ව්‍යාප්ත වූයේ ඉතා කෙටි කලෙකිනි. බුදුන් වහන්සේ ජීවමානව වැඩ වෙසෙන සමයේ විවිධාකාර ආගමික සම්ප‍්‍රදායයන් භාරතයේ මුල් බැසගෙන තිබූ බැවින් විශේෂ වූ සංයමයකින් යුක්තව උන්වහන්සේගේ සව්වන්ට සාසන බ‍්‍රහ්ම චරියාවේ නියැලීමට සිදු විය. මේ කාරණාවේ දී විශේෂයෙන් ම ස`දහන් කළ යුතතක් නම් සම්බුදු හිමියන් දේශනා කළ මංගල දම් දෙසුමෙන් පසු උන්වහන්සේගේ දහමට අනුව යෑමට, නිවන් අවබෝධ කර ගැනීමට උත්සුක වූ සව්වන් පිරිසක් බිහිවීම ය. මේ අරමුණ පෙරදැරිව භික්ෂු සාසනයට ඇතු`ඵ වූ අයවලුන්ගේ ඒකායන පරමාර්ථය වූයේ පරම නිෂ්ඨාව වන නිවන් ම`ගට පිවිසීමේ අරමුණයි.
      සම්බෝධායං ඝරාවාසෝ  -  රජස්සායතනං ඉති
     අබ්බෝකාසෝව පබ්බජ්ජා -  ඉති දිස්වාන පබ්බජිං

 මේ අරමුණ කෙමෙන් සාසනයෙන් වියැකෙන්නට වූයේ භික්ෂු සාසනය ඇරඹී වසර 20ක් වැනි කාලයක් ගත වීමත් සම`ග ය. මුල දී නිවන් ම`ගට පිවිසීමේ ඒකායන පරමාර්ථයෙන්, චින්තනයෙන් සාසනයට ඇතු`ඵ වුව ද පසුව ඒ ගත් මෙ`ගන් වෙන් වී වෙනත් අරමුණු, පරමාර්ථ ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් සසුනට ඇතු`ඵ වූ පිරිස් ද සසුනේ අඩු නො වූහ. මුල් බුදු සමයේ දී බුදුන් දේශනා කළ විනය වන්නේ ‘ ඕවාද ප‍්‍රාතිමෝක්ෂය’ යි (සබ්බ පාපස්ස අකරණං....*. එහි අන්තර්ගත වන කරුණ සුවිශේෂී වන්නේ මෙතෙක් පහළ වූ බුදුන් වහන්සේලා දේශනා කර ඇත්තේ විනය සම්බන්ධව මේ දේශනාව ම පමණක් වීමය. එසේ වුව ද අප ගෞතම බුද්ධ සාසනයේ දී මේ දේශනාව ම පමණක් ප‍්‍රායෝගිකව ඉටු කර ගැනීමට හැකි වූයේ භික්ෂු සමාජය ඇරඹී වසර 20ක් වැනි කාලයක් යන තුරු පමණි. ඉන් පසු විවිධ හේතූන් මත විනය නීති පැනවීමට බුදුන් වහන්සේට සිදු විය. එහි දී භික්‍ෂූන් වහන්සේලාට විනය ශික්‍ෂාපද 227ක් ද භික්‍ෂුණීන් වහන්සේලාට ශික්‍ෂාපද 311ක් ද වශයෙන් විනය ශික්‍ෂාපද පණවා ඇති අයුරු විනය පිටකයෙන් පෙනේ.
කෙසේ නුමුත් සංඝ සමාජය තුළ මුල්කාලයේ දී විශේෂ වූ නීතිගත කරන ලද ශික්‍ෂාවන් නොතිබුණ බව පෙළෙහි කරුණු අනුව සිතිය හැකිය. විනය පිටකයේ මහාවග්ග පාලියේ සදහන් වන පරිදි තමන් වහන්සේ ද ඇතුළුව රහතන් වහන්සේලා හැට එක් නමක් වූ කල්හි බුදුරජාණන් වහන්සේ විසින් තම ශ‍්‍රාවක පිරිස අමතා පහත ප‍්‍රකාශය කරන ලදහ.
”මුත්තො’හං  භික්‍ඛවෙ  සබ්බ  පාසේහි  යෙ  දිබ්බා  යේච  මානුසා  තුම්හේ’පි භික්‍ඛවෙ මුත්තා සබ්බ  පාසෙහි යේ දිබ්බා යේ ච මානුසා, චරථ භික්‍ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය......”

 මෙම ප‍්‍රකාශයෙන් පැහැදිළි වන පරිදි ”මහණෙනි දිව්‍යමය වූ ද මානුෂීය වූ ද සියලූ පාස හෙවත් බැදීම්වලින් තථාගත තෙමේ මිදී ඇත. මහණෙනි තෙපි ද දිව්‍යමය වූ ද මානුෂීය වූ ද සියලූ පාස හෙවත් බැදීම් වලින් මිදෙන්න”. ශාසනය ආරම්භක අවස්ථාවේ දී ශ‍්‍රාවක පිරිසට වැරදි වලක්වා ගත හැකි වී ඇති අතර සම්මත කරන ලද නීතිගත කරන ලද සංවිධානාත්මක විනය පද්ධතියක් මේ කාලය වන විට නොතිබුණ බව පෙනී යයි. මුල් කාලීනව පැවිදි වූ අයව`ඵන්ගේ ඒකායන පැතුම වූයේ තමන් නිවන් ම`ගට පිවිස අන් අය ද ඒ ම`ගට යොමු කිරීම යි. තව ද විනය නියම වශයෙන් ධර්මයට පසුව ප‍්‍රභවය වූ බවට ථේරගාථාවන්හි එන සරභංග තෙරණුවන්ගේ කථාවෙන් පැහැදිළි වෙයි. ”මම හීතණ අතින් කඩා පන්සලක් සාදා එහි වාසය කළෙමි. අද මට හීතණ කැඞීමට අකැප ය. බුදුරජාණන් වහන්සේ විසින් අපට ශික්‍ෂාපද පනවන ලදි”යි උන්වහන්සේගේ මේ ප‍්‍රකාශයෙන් පැහැදිළි වන්නේ විනය මුල්කාලයේ නො තිබුණු බවයි. 

පන්සාළිස් වසක් බුදු කිස ඉටු කළ සම්බුදු හිමියන්්ගේ පරිනිර්වාණය සිදු වීමත් සම`ග විශේෂයෙන් ම සාසන හිතකාමී භික්‍ෂූන් වහන්සේලාගේ අවධානය යොමු වූයේ කෙසේ ද ? මේ දහම ආරක්‍ෂා කර ගන්නේ යන පැනයට යි. එහි ප‍්‍රතිඵලය වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ඉක්ම ගිය මොහොතේ ධර්ම සංගායනාවක් පැවැත්වීමයි. මේ තරම් ඉක්මනින් සංගායනාවක් පැවැත් වීමට මූලික වූ කාරණාවක් ලෙස විනය සම්බන්ධ ගැට`ඵව වැදගත් වේ. බුදුන් ජීවමානව වැඩ සිටි සමයේ දීත් විවිධ විනය විරෝධී කි‍්‍රයාවන් සිදු වූවා නම් උන්වහන්සේ නොමැති අවස්ථාවක දී කියනුම කවරේ ද ? මෙය සිහියට නගා ගත් මහා කාශ්‍යප හිමියන් ප‍්‍රමුඛ 500ක් හිමිවරුන් ධර්ම විනය සංගායනා කිරීමට පෙළඹුණු සේක. 
සංගායනා කාරක හිමිවරුන්ගේ දැක්ම වූයේ සසුනේ අතාගතය රැු`දී පවතින්නේ විනය මතයි යන සංකල්පය යි. අනාගතයේ දී නිර්මල බුදු දහම පැවතීමට නම් ‘විනය’ එහි තිබිය යුතු බව (විනයෝ නාම සාසනස්ස ආයු* උන්වහන්සේලාගේ ඒකමතික අදහස වීය. ඒ නිසාවෙන් මුලින් ම සංගහ කරන ලද්දේ විනය යි. මෙහි දී උන්වහන්සේලා ජීවමාන බුදු සමය දෙස අවධානය යොමු කර එකල සිදු වූ සාසනික වෙනස්කම් මත මේ තීරණය ගත් බව ද සිතිය හැකි ය. එකල පැවති අනෙකුත් ආගම් පරයා යමින් බුදු දහම ජන හදවත් තුළට කා වැදීම නිසා නිර්වාණගාමී මාවතට පිවිසීමට හිතැති අයව`ඵන්ට අමතරව විවිධාකාර වූ පිරිස් ද ලාභාපේක්‍ෂාවෙන් සසුනට ඇතු`ඵ වෙමින් සසුන කෙළෙසීමට යෙදුණි. ඔවුන් මෙකී කාරණාව වුවමනාවෙන් නොකළ ද වූයේ එය යි. විනය පිටකයක් වශයෙන් නොව මුල් කාලයේ දී එය ධර්මය තුළ ම ඇතුළත්ව තිබුණි. ධම්ම විනය වශයෙන් පෙළෙහි සදහන් වන්නේ ධර්මයෙන් විනය ව්‍යුක්ත නොවී පැවති කාලයේ  දී බුද්ධ භාෂිතය හැ`දින් වූ කාල වකවානුව යි. මේ අනුව මුල් කාලයේ දී එබ`දු සම්බන්ධයක් තිබුණ ද පසුව විනය ධර්මයෙන් ව්‍යුක්තව වෙනම ම සංවර්ධනය වූ බව සූත‍්‍ර පිටකය තුළින් පැහැදිළි කර ගත හැකි ය. ”යො වො ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දෙසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්ඡුයේන සත්‍ථා” යන පරිනිබ්බාණ සූත‍්‍ර පාඨයෙන් එය පැහැදිළි වෙයි. එසේ ම අපදාන පාලිය සම්පාදනය කළ කාලය වන විට විනය වෙනම ම කොටසක් ව තිබූ බව උපාලි ථේරාපදානයෙන් පැහැදිළි වෙයි. එහි කියවෙන පරිදි උපාලි තෙරුන් විනයෙහි පරතෙරට පත් අයෙකි. (විනයේ පාරප්පත්තො* එහි විනය යනු ධර්මයෙන් ව්‍යුක්තව වෙනම ම සංවර්ධනය වූ විනය පිටකයයි. මහා නිද්දේශ පාළිියේ ගුහට්ඨක සුත්ත නිද්දේශයේ ධම්ම හා විනය යන වචන දෙක පැහැදිළිව ම වෙන් වී දැක්වේ.

                      විනය පිටකයෙහි පාරාජිකා පාලියෙහි සදහන් වන බුදුරදුන් හා සාරිපුත්ත හිමියන් අතර ඇතිවන සාකච්ඡුාවකින් පැහැදිළි වන පරිදි විනය ශික්‍ෂාපද පැනවීමට ආසවට්ඨානීය ධර්මයන්ගේ පහළ වීම සිදුවිය යුතු බවත්  බුදුන් වහන්සේ එය පහළ වූ පසු විනය ශික්ෂාපද පැන වූ බවත්  ඒ සදහා බලය ද තමන්ට පවරාගෙන ය. ”ආගමෙහි ත්‍වං සාරිපුත්ත, ආගමෙහි ත්‍වං සාරිපුත්ත තථාගථෙව තස්ස කාලං ජානිස්සති” යන්නෙන් එය පැහැදිළි ය. එහෙත් කල් යත් ම මෙම තත්ත්වය වෙනස් වී භික්ෂු ශාසනය බෙහෙවින් ම සංකීර්ණ වූ සමාජයක් බවට පත්විය. එය විනය පිටකයේ මෙසේ ස`දහන් වේ.
”න තාව සාරිපුත්ත ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සංඝෙ පාතුභවන්ති යාව සංඝො රත්තඤ්ඤුමහත්තං පත්තො හොති...වෙපුල්ලමහත්තං...ලාභග්ගමහත්තං...බාහුසච්චමහත්තං....”
මේ පාඨයෙන් පෙන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේලා අතර චිරරාත‍්‍රඥයන් ඇතිවීමත් සම`ග පිරිස වශයෙන් වැඩි වීමක් සිදු වූ බව ද ඒත් සම`ග ම ලාභ සත්කාර වැඩිවීමත් බහුශ‍්‍රැත බවින් යුක්ත වීමත් යන මානසික මෙන් ම භෞතිකමය හේතූන් දෙකක් පාදක වූ බවයි. මේ හේතුව මත සංගායනාවේ දී විනය පිළිබ`ද විශේෂ අවධානයක් යොමු කළ බව අවබෝධ කරගත යුත්තකි. 
”තෙනහහි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤාපෙමි දස අත්ථ වසේ ටිච්ච සංඝසුට්ඨුතාය සංඝඵාසුතාය දුම්මන්නංකුනං පුග්ගලානං නිග්ගහාය පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතිය අප්පසන්නංනවා පසාදාය පසන්නනංවා භියේ‍යාභාවාය සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්‍යාථ....”
පාරාජික පාළියේ පෙන්වා දෙන අන්දමට විනය ප‍්‍රඥප්ති පැණවීම ම`ගින් අභිමත කරුණු කිහිපයක් ඉටු කර ගත හැකි බව පෙන්වා දෙයි. ඒවා මෙසේ ස`දහන් කළ හැකිය.
සංඝයාගේ සුවය
සංඝයාගේ පහසුව
දුසිලූන්ට නිග‍්‍රහ කිරීම
සුසිල්වතුන්ගේ පහසුව
මෙලොව යහපත
පරලොව යහපත
අපැහැදුනුවන්ගේ පැහැදීම
පැහැදුනුවන්නේ පැහැදීම වැඩි දියුණු කිරීම
සද්ධර්මයේ ප‍්‍රතිෂ්ඨාපනය
විනයට අනුග‍්‍රහය ආදී කරුණු ය. 

ඉහත කී කරුණු මුල් කරගෙන සංගායනාවේ දී මුලින් ම විනය පිළිබ`ද විචාරණ ලදුව සෑම දෙනාගේ ඒකමතික තීරණයකට අනුව විනයේ ඉදිරි පැවැත්ම උදෙසා මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙන යෑමට විනයධරයින් අතර අග‍්‍ර වූ උපාලි මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවට පැවරූහ. විනය පිටකය නම් කොටසේ අන්තර්ගතය දෙස බැලීමේ දී බුදුන් වහන්සේ දේශිත විනය ශික්ෂාපද මෙහි අන්තර්ගතව ඇත. විනය පිටකය සුත්ත විභංග වශයෙන් දෙයාකාර වේ. මේ කොටස් දෙකටම අන්තර්ගත විනය කොටසට අයත් ශික්ෂාපද පාළිය වශයෙන් දැක්වෙන යම් පිළිවෙලකට අනුව පෙළගැසී ඇති අයුරු පෙනේ. ඒවා නම්,
පාරාජික පාළිය
පාචිත්තිය පාළිය
මහාවග්ග පාළිය
චුල්ලවග්ග පාළිය
පරිවාර පාළිය යනුවෙනි. 
මෙහි පාරාජික පාළිය හා පාචිත්තිය පාළිය විභංග වන අතර මහාවග්ග පාළිය හා චුල්ලවග්ග පාළිය ඛන්ධක ලෙස බෙදා දක්වනු ලැබේ. මෙසේ බෙදා දැක්වුව ද බුදුන් දවස උන්වහන්සේ විසින් දේශිත ශික්ෂාව පිළිබ`ද අවබෝධයක් ලබා ගැනීමට පහත දැක්වෙන බෙදීම ද මහෝපකාරී වනු ඇත.
01. ස්වාභාවික හෙවත් පොදුවේ ගිහි පැවිදි දෙපක්ෂය විසින් රැුකිය යුතු ශික්ෂාවන් (පකති ශිල)
02. භික්ෂූන් වහන්සේලා උදෙසා ම වන විනය හා ඒවා රැුකීම (පඤ්ඤත්ති ශීල)
මේ කොටස් දෙකින් විනය පිටකයේ අන්තර්ගත වන්නේ දෙවනුව ස`දහන් කළ භික්ෂූන් වහන්සේලා උදෙසා දේශනා කළ පඤ්ඤත්ති දේශනාවන් ය. පඤ්ඤත්ති හෙවත් විනය පිටකය සුත්ත හා විභංග වශයෙන් දෙකොටසකට බෙදෙන බව ඉහතින් ස`දහන් කරන්නට යෙදුණි. එහිදී විභංග ්‍යන ශික්ෂාපදවලින් භික්ෂූන් වහන්සේලාගේ භික්ෂු ජීවිතයේ විරති පක්ෂය අන්තර්ගත වේ. එහි ප‍්‍රතිවිරුද්ධ අංශය ස`දහන් වන්නේ ඛන්ධක කොටසෙහි ය. යමෙකුට එකවර හැ`ගී යන කරුණක් නම් විභංග කොටසේ ඇත්තේ ලෞකිකත්වයෙන් මිදී භික්ෂූන් වහන්සේලා පලායෑමක්  බවයි. එහෙත් ඛන්ධක කොටස හදාරණ විට එකී චේතනාවෙන්් ඈත් වීමට හැකියාව ලැබේ. සාමාන්‍ය ජීවිතයේ දී ඇති වන ගැට`ඵ හා ඒවාට දී ඇති සාධාරණ විස`දුම් රාශියක් ද ඛන්ධකවල අන්තර්ගතව ඇත. 

ඉහත කී කරුණු අනුව භික්ෂූන් වහන්සේ චරිත දෙකකින් සමන්විත බව අපට සිතිය හැකිය. එනම් පෞද්ගලික ජීවිතව හා පොදු ජීවිතය යන්න යි. විටෙක පෞද්ගලික ජීවිතය පිළිබ`ද අවධානය යොමු කිරීමටත් තවත් විටෙක පොදු ජීවිතය පිළිබ`ද අවධානය යොමු කිරීමටත් ඉඩ ප‍්‍රස්ථාව ලැබී ඇත. මෙහි දී පෞද්ගලික ජීවිතයේ උන්නතිය හා පැවැත්ම උදෙසා විභංග කොටසත් පොදු  ජීවිතයේ පැවැත්ම උදෙසා ඛන්ධක කොටසත් අදාළ කර ගත හැකිය.
විනය පිටකය සංගහ කිරීමේ දී ඒ ස`දහා වස්තු, නිදාන, පුද්ගල, පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, ආපත්ති හා අනාපත්ති යන න්‍යායයන් හතක් යොදා ගනිමින් කළ බව පෙනේ. විනය පිටකය තුළින් භික්ෂු භික්ෂුණී උභය පාර්ශ්වය ස`දහා අදාළ විනය අන්තර්ගත වේ. මෙහි ඇති පාරාජික පාළියේ අන්තර්ගත ව ඇත්තේ උභය සංඝයා විෂයෙහි අකරණීය ධර්මයන් ය. එහි අකරණීය වශයෙන් පාරාජිකා හතරක් උගන්වනු ලබන අතර ඇවැත් දේශනා කරගෙන නැවත පාරිශුද්ධත්වයට පත් විය හැකි සංඝාදිසේස දහතුනකුත් අනියත දෙකත් නිස්සග්ගිය තිහත් මුල් කර ගනිමින් කරුණු ඉදිරිපත් වේ. පාචිත්තිය පාළියේ අන්තර්ගතය පිරික්සීමේ දී මෙහි උභය සංඝයා කෙරෙහි විභංග වශයෙන් දෙයාකාර බෙදීමක් ඇත. භික්ඛු විභංගය තුළ භික්ෂූන්ට පණවන ලද පාචිත්තිය අනූදෙකත් පාටිදේසනීය හතරත් සේඛියා හැත්තෑපහත් පිළිබ`ද විස්තර වේ. භික්ඛුණී විභංගය තුළ අන්තර්ගතව ඇත්තේ භික්ෂුණීන්ට පණවන ලද පාරාජික හතර සංඝාදිසේස හතර පාචිත්තිය හැත්තෑහතර පාටිදේසනීය හතර ආදී භික්ෂුණීන්ට පනවන ලද පාරාජික පාළියේ අන්තර්ගත නොකෙරුණු ශික්ෂාපද කිහිපය හා අනෙකුත් ශික්ෂාපදයි. පාරාජික පාළියේ දී ඇති, භික්ෂූන්ට දේශනා කළ සියලූ ම ශික්ෂාපද භික්ෂුණීන් වහන්සේලා ද රැුකිය යුතු බව බුද්ධ නියමය වේ. 

මහාවග්ග පාළිය තුළ මහා ඛන්ධකය උපෝසථ ඛන්ධකය ආදී වශයෙන් පැනෙන ඛන්ධක දහයකි. චුල්ලවග්ග පාළිය තුළ ද කම්ම ඛන්ධක පාරිවාසික ඛන්ධකය ආදී ලෙස පැනෙන ඛන්ධක දොළොසකි. මෙම දෙවිසි ඛන්ධකාගත ශික්ෂාපදවලින් පෙන්වා දෙන්නේ භික්ෂු භික්ෂුණී උභය පාර්ශ්වය විසින් කළ යුතු හා නො කළ යුතු කරුණු ය. භික්ෂු ජීවිතයේ දී ඉටුකළ යුතු වත් පිළිවෙත් පිළිබ`දව මෙන් ම සෞඛ්‍යවිධි පිළිබ`දවත් ආරාම කළමනාකරණය පිළිබ`දවත් ඇතුළත් අතර භික්ෂු ජීවිතයට අදාළ සෑම අංශයක් ම මෙමගින් ආවරණය වේ. පළමු හා දෙවන ධර්ම සංගායනා පිළිබ`දව චුල්ලවග්ග පාළියේ අන්තර්ගත වීම තුළින් චුල්ලවග්ග පාළිය පළමු සංගායනාවෙන් නොනැවතී විකාශය වී ගිය බවක් පෙන්නුම් කෙරේ. 
පරිවාර පාළිය තුළ අන්තර්ගත වන්නේ ආධුනික සාමණේරයන් වහන්සේලා ස`දහා ශික්ෂණය ලබා දෙන්නා වූ ශික්ෂාපද හා වත්පිළිවෙත් ආදිය යි. මේ ආකාරයට බිහි වූ විනය පිටකය මුල් කර ගෙන පසු කාලයේ දී විනය සාහිත්‍යයක් ද නිර්මාණය වී ඇති අයුරු පෙනේ.

රාජකිය පණ්ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශී‍්‍ර විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර
බිබිල
0715326935

1 comment:

  1. බොහොම ස්තූතියි මෙවැනි ලිපියක් පල කලාට. ගොඩාක් ප්‍රයෝජනවත්.

    ReplyDelete