Saturday, October 27, 2018

විනය පිටකයේ ඇරඹුම හා විකාශනය සිදු අයුරු

සම්බුදු හිමියන් ලොව පහළ වූයේ කි‍්‍රස්තු පූර්ව 05 වන සියවසේ දී ය. එවකට භාරතීය සමාජයේ ව්‍යාප්තව පැවති මිථ්‍යා මතවාද ඛණ්ඩනය කොට සත්‍යවාදී වූ නිර්මල, පිවිතුරු, ගැඹුරු දහම භාරතය පුරා ව්‍යාප්ත වූයේ ඉතා කෙටි කලෙකිනි. බුදුන් වහන්සේ ජීවමානව වැඩ වෙසෙන සමයේ විවිධාකාර ආගමික සම්ප‍්‍රදායයන් භාරතයේ මුල් බැසගෙන තිබූ බැවින් විශේෂ වූ සංයමයකින් යුක්තව උන්වහන්සේගේ සව්වන්ට සාසන බ‍්‍රහ්ම චරියාවේ නියැලීමට සිදු විය. මේ කාරණාවේ දී විශේෂයෙන් ම ස`දහන් කළ යුතතක් නම් සම්බුදු හිමියන් දේශනා කළ මංගල දම් දෙසුමෙන් පසු උන්වහන්සේගේ දහමට අනුව යෑමට, නිවන් අවබෝධ කර ගැනීමට උත්සුක වූ සව්වන් පිරිසක් බිහිවීම ය. මේ අරමුණ පෙරදැරිව භික්ෂු සාසනයට ඇතු`ඵ වූ අයවලුන්ගේ ඒකායන පරමාර්ථය වූයේ පරම නිෂ්ඨාව වන නිවන් ම`ගට පිවිසීමේ අරමුණයි.
      සම්බෝධායං ඝරාවාසෝ  -  රජස්සායතනං ඉති
     අබ්බෝකාසෝව පබ්බජ්ජා -  ඉති දිස්වාන පබ්බජිං

 මේ අරමුණ කෙමෙන් සාසනයෙන් වියැකෙන්නට වූයේ භික්ෂු සාසනය ඇරඹී වසර 20ක් වැනි කාලයක් ගත වීමත් සම`ග ය. මුල දී නිවන් ම`ගට පිවිසීමේ ඒකායන පරමාර්ථයෙන්, චින්තනයෙන් සාසනයට ඇතු`ඵ වුව ද පසුව ඒ ගත් මෙ`ගන් වෙන් වී වෙනත් අරමුණු, පරමාර්ථ ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් සසුනට ඇතු`ඵ වූ පිරිස් ද සසුනේ අඩු නො වූහ. මුල් බුදු සමයේ දී බුදුන් දේශනා කළ විනය වන්නේ ‘ ඕවාද ප‍්‍රාතිමෝක්ෂය’ යි (සබ්බ පාපස්ස අකරණං....*. එහි අන්තර්ගත වන කරුණ සුවිශේෂී වන්නේ මෙතෙක් පහළ වූ බුදුන් වහන්සේලා දේශනා කර ඇත්තේ විනය සම්බන්ධව මේ දේශනාව ම පමණක් වීමය. එසේ වුව ද අප ගෞතම බුද්ධ සාසනයේ දී මේ දේශනාව ම පමණක් ප‍්‍රායෝගිකව ඉටු කර ගැනීමට හැකි වූයේ භික්ෂු සමාජය ඇරඹී වසර 20ක් වැනි කාලයක් යන තුරු පමණි. ඉන් පසු විවිධ හේතූන් මත විනය නීති පැනවීමට බුදුන් වහන්සේට සිදු විය. එහි දී භික්‍ෂූන් වහන්සේලාට විනය ශික්‍ෂාපද 227ක් ද භික්‍ෂුණීන් වහන්සේලාට ශික්‍ෂාපද 311ක් ද වශයෙන් විනය ශික්‍ෂාපද පණවා ඇති අයුරු විනය පිටකයෙන් පෙනේ.
කෙසේ නුමුත් සංඝ සමාජය තුළ මුල්කාලයේ දී විශේෂ වූ නීතිගත කරන ලද ශික්‍ෂාවන් නොතිබුණ බව පෙළෙහි කරුණු අනුව සිතිය හැකිය. විනය පිටකයේ මහාවග්ග පාලියේ සදහන් වන පරිදි තමන් වහන්සේ ද ඇතුළුව රහතන් වහන්සේලා හැට එක් නමක් වූ කල්හි බුදුරජාණන් වහන්සේ විසින් තම ශ‍්‍රාවක පිරිස අමතා පහත ප‍්‍රකාශය කරන ලදහ.
”මුත්තො’හං  භික්‍ඛවෙ  සබ්බ  පාසේහි  යෙ  දිබ්බා  යේච  මානුසා  තුම්හේ’පි භික්‍ඛවෙ මුත්තා සබ්බ  පාසෙහි යේ දිබ්බා යේ ච මානුසා, චරථ භික්‍ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය......”

 මෙම ප‍්‍රකාශයෙන් පැහැදිළි වන පරිදි ”මහණෙනි දිව්‍යමය වූ ද මානුෂීය වූ ද සියලූ පාස හෙවත් බැදීම්වලින් තථාගත තෙමේ මිදී ඇත. මහණෙනි තෙපි ද දිව්‍යමය වූ ද මානුෂීය වූ ද සියලූ පාස හෙවත් බැදීම් වලින් මිදෙන්න”. ශාසනය ආරම්භක අවස්ථාවේ දී ශ‍්‍රාවක පිරිසට වැරදි වලක්වා ගත හැකි වී ඇති අතර සම්මත කරන ලද නීතිගත කරන ලද සංවිධානාත්මක විනය පද්ධතියක් මේ කාලය වන විට නොතිබුණ බව පෙනී යයි. මුල් කාලීනව පැවිදි වූ අයව`ඵන්ගේ ඒකායන පැතුම වූයේ තමන් නිවන් ම`ගට පිවිස අන් අය ද ඒ ම`ගට යොමු කිරීම යි. තව ද විනය නියම වශයෙන් ධර්මයට පසුව ප‍්‍රභවය වූ බවට ථේරගාථාවන්හි එන සරභංග තෙරණුවන්ගේ කථාවෙන් පැහැදිළි වෙයි. ”මම හීතණ අතින් කඩා පන්සලක් සාදා එහි වාසය කළෙමි. අද මට හීතණ කැඞීමට අකැප ය. බුදුරජාණන් වහන්සේ විසින් අපට ශික්‍ෂාපද පනවන ලදි”යි උන්වහන්සේගේ මේ ප‍්‍රකාශයෙන් පැහැදිළි වන්නේ විනය මුල්කාලයේ නො තිබුණු බවයි. 

පන්සාළිස් වසක් බුදු කිස ඉටු කළ සම්බුදු හිමියන්්ගේ පරිනිර්වාණය සිදු වීමත් සම`ග විශේෂයෙන් ම සාසන හිතකාමී භික්‍ෂූන් වහන්සේලාගේ අවධානය යොමු වූයේ කෙසේ ද ? මේ දහම ආරක්‍ෂා කර ගන්නේ යන පැනයට යි. එහි ප‍්‍රතිඵලය වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ඉක්ම ගිය මොහොතේ ධර්ම සංගායනාවක් පැවැත්වීමයි. මේ තරම් ඉක්මනින් සංගායනාවක් පැවැත් වීමට මූලික වූ කාරණාවක් ලෙස විනය සම්බන්ධ ගැට`ඵව වැදගත් වේ. බුදුන් ජීවමානව වැඩ සිටි සමයේ දීත් විවිධ විනය විරෝධී කි‍්‍රයාවන් සිදු වූවා නම් උන්වහන්සේ නොමැති අවස්ථාවක දී කියනුම කවරේ ද ? මෙය සිහියට නගා ගත් මහා කාශ්‍යප හිමියන් ප‍්‍රමුඛ 500ක් හිමිවරුන් ධර්ම විනය සංගායනා කිරීමට පෙළඹුණු සේක. 
සංගායනා කාරක හිමිවරුන්ගේ දැක්ම වූයේ සසුනේ අතාගතය රැු`දී පවතින්නේ විනය මතයි යන සංකල්පය යි. අනාගතයේ දී නිර්මල බුදු දහම පැවතීමට නම් ‘විනය’ එහි තිබිය යුතු බව (විනයෝ නාම සාසනස්ස ආයු* උන්වහන්සේලාගේ ඒකමතික අදහස වීය. ඒ නිසාවෙන් මුලින් ම සංගහ කරන ලද්දේ විනය යි. මෙහි දී උන්වහන්සේලා ජීවමාන බුදු සමය දෙස අවධානය යොමු කර එකල සිදු වූ සාසනික වෙනස්කම් මත මේ තීරණය ගත් බව ද සිතිය හැකි ය. එකල පැවති අනෙකුත් ආගම් පරයා යමින් බුදු දහම ජන හදවත් තුළට කා වැදීම නිසා නිර්වාණගාමී මාවතට පිවිසීමට හිතැති අයව`ඵන්ට අමතරව විවිධාකාර වූ පිරිස් ද ලාභාපේක්‍ෂාවෙන් සසුනට ඇතු`ඵ වෙමින් සසුන කෙළෙසීමට යෙදුණි. ඔවුන් මෙකී කාරණාව වුවමනාවෙන් නොකළ ද වූයේ එය යි. විනය පිටකයක් වශයෙන් නොව මුල් කාලයේ දී එය ධර්මය තුළ ම ඇතුළත්ව තිබුණි. ධම්ම විනය වශයෙන් පෙළෙහි සදහන් වන්නේ ධර්මයෙන් විනය ව්‍යුක්ත නොවී පැවති කාලයේ  දී බුද්ධ භාෂිතය හැ`දින් වූ කාල වකවානුව යි. මේ අනුව මුල් කාලයේ දී එබ`දු සම්බන්ධයක් තිබුණ ද පසුව විනය ධර්මයෙන් ව්‍යුක්තව වෙනම ම සංවර්ධනය වූ බව සූත‍්‍ර පිටකය තුළින් පැහැදිළි කර ගත හැකි ය. ”යො වො ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දෙසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්ඡුයේන සත්‍ථා” යන පරිනිබ්බාණ සූත‍්‍ර පාඨයෙන් එය පැහැදිළි වෙයි. එසේ ම අපදාන පාලිය සම්පාදනය කළ කාලය වන විට විනය වෙනම ම කොටසක් ව තිබූ බව උපාලි ථේරාපදානයෙන් පැහැදිළි වෙයි. එහි කියවෙන පරිදි උපාලි තෙරුන් විනයෙහි පරතෙරට පත් අයෙකි. (විනයේ පාරප්පත්තො* එහි විනය යනු ධර්මයෙන් ව්‍යුක්තව වෙනම ම සංවර්ධනය වූ විනය පිටකයයි. මහා නිද්දේශ පාළිියේ ගුහට්ඨක සුත්ත නිද්දේශයේ ධම්ම හා විනය යන වචන දෙක පැහැදිළිව ම වෙන් වී දැක්වේ.

                      විනය පිටකයෙහි පාරාජිකා පාලියෙහි සදහන් වන බුදුරදුන් හා සාරිපුත්ත හිමියන් අතර ඇතිවන සාකච්ඡුාවකින් පැහැදිළි වන පරිදි විනය ශික්‍ෂාපද පැනවීමට ආසවට්ඨානීය ධර්මයන්ගේ පහළ වීම සිදුවිය යුතු බවත්  බුදුන් වහන්සේ එය පහළ වූ පසු විනය ශික්ෂාපද පැන වූ බවත්  ඒ සදහා බලය ද තමන්ට පවරාගෙන ය. ”ආගමෙහි ත්‍වං සාරිපුත්ත, ආගමෙහි ත්‍වං සාරිපුත්ත තථාගථෙව තස්ස කාලං ජානිස්සති” යන්නෙන් එය පැහැදිළි ය. එහෙත් කල් යත් ම මෙම තත්ත්වය වෙනස් වී භික්ෂු ශාසනය බෙහෙවින් ම සංකීර්ණ වූ සමාජයක් බවට පත්විය. එය විනය පිටකයේ මෙසේ ස`දහන් වේ.
”න තාව සාරිපුත්ත ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සංඝෙ පාතුභවන්ති යාව සංඝො රත්තඤ්ඤුමහත්තං පත්තො හොති...වෙපුල්ලමහත්තං...ලාභග්ගමහත්තං...බාහුසච්චමහත්තං....”
මේ පාඨයෙන් පෙන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේලා අතර චිරරාත‍්‍රඥයන් ඇතිවීමත් සම`ග පිරිස වශයෙන් වැඩි වීමක් සිදු වූ බව ද ඒත් සම`ග ම ලාභ සත්කාර වැඩිවීමත් බහුශ‍්‍රැත බවින් යුක්ත වීමත් යන මානසික මෙන් ම භෞතිකමය හේතූන් දෙකක් පාදක වූ බවයි. මේ හේතුව මත සංගායනාවේ දී විනය පිළිබ`ද විශේෂ අවධානයක් යොමු කළ බව අවබෝධ කරගත යුත්තකි. 
”තෙනහහි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤාපෙමි දස අත්ථ වසේ ටිච්ච සංඝසුට්ඨුතාය සංඝඵාසුතාය දුම්මන්නංකුනං පුග්ගලානං නිග්ගහාය පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතිය අප්පසන්නංනවා පසාදාය පසන්නනංවා භියේ‍යාභාවාය සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්‍යාථ....”
පාරාජික පාළියේ පෙන්වා දෙන අන්දමට විනය ප‍්‍රඥප්ති පැණවීම ම`ගින් අභිමත කරුණු කිහිපයක් ඉටු කර ගත හැකි බව පෙන්වා දෙයි. ඒවා මෙසේ ස`දහන් කළ හැකිය.
සංඝයාගේ සුවය
සංඝයාගේ පහසුව
දුසිලූන්ට නිග‍්‍රහ කිරීම
සුසිල්වතුන්ගේ පහසුව
මෙලොව යහපත
පරලොව යහපත
අපැහැදුනුවන්ගේ පැහැදීම
පැහැදුනුවන්නේ පැහැදීම වැඩි දියුණු කිරීම
සද්ධර්මයේ ප‍්‍රතිෂ්ඨාපනය
විනයට අනුග‍්‍රහය ආදී කරුණු ය. 

ඉහත කී කරුණු මුල් කරගෙන සංගායනාවේ දී මුලින් ම විනය පිළිබ`ද විචාරණ ලදුව සෑම දෙනාගේ ඒකමතික තීරණයකට අනුව විනයේ ඉදිරි පැවැත්ම උදෙසා මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙන යෑමට විනයධරයින් අතර අග‍්‍ර වූ උපාලි මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවට පැවරූහ. විනය පිටකය නම් කොටසේ අන්තර්ගතය දෙස බැලීමේ දී බුදුන් වහන්සේ දේශිත විනය ශික්ෂාපද මෙහි අන්තර්ගතව ඇත. විනය පිටකය සුත්ත විභංග වශයෙන් දෙයාකාර වේ. මේ කොටස් දෙකටම අන්තර්ගත විනය කොටසට අයත් ශික්ෂාපද පාළිය වශයෙන් දැක්වෙන යම් පිළිවෙලකට අනුව පෙළගැසී ඇති අයුරු පෙනේ. ඒවා නම්,
පාරාජික පාළිය
පාචිත්තිය පාළිය
මහාවග්ග පාළිය
චුල්ලවග්ග පාළිය
පරිවාර පාළිය යනුවෙනි. 
මෙහි පාරාජික පාළිය හා පාචිත්තිය පාළිය විභංග වන අතර මහාවග්ග පාළිය හා චුල්ලවග්ග පාළිය ඛන්ධක ලෙස බෙදා දක්වනු ලැබේ. මෙසේ බෙදා දැක්වුව ද බුදුන් දවස උන්වහන්සේ විසින් දේශිත ශික්ෂාව පිළිබ`ද අවබෝධයක් ලබා ගැනීමට පහත දැක්වෙන බෙදීම ද මහෝපකාරී වනු ඇත.
01. ස්වාභාවික හෙවත් පොදුවේ ගිහි පැවිදි දෙපක්ෂය විසින් රැුකිය යුතු ශික්ෂාවන් (පකති ශිල)
02. භික්ෂූන් වහන්සේලා උදෙසා ම වන විනය හා ඒවා රැුකීම (පඤ්ඤත්ති ශීල)
මේ කොටස් දෙකින් විනය පිටකයේ අන්තර්ගත වන්නේ දෙවනුව ස`දහන් කළ භික්ෂූන් වහන්සේලා උදෙසා දේශනා කළ පඤ්ඤත්ති දේශනාවන් ය. පඤ්ඤත්ති හෙවත් විනය පිටකය සුත්ත හා විභංග වශයෙන් දෙකොටසකට බෙදෙන බව ඉහතින් ස`දහන් කරන්නට යෙදුණි. එහිදී විභංග ්‍යන ශික්ෂාපදවලින් භික්ෂූන් වහන්සේලාගේ භික්ෂු ජීවිතයේ විරති පක්ෂය අන්තර්ගත වේ. එහි ප‍්‍රතිවිරුද්ධ අංශය ස`දහන් වන්නේ ඛන්ධක කොටසෙහි ය. යමෙකුට එකවර හැ`ගී යන කරුණක් නම් විභංග කොටසේ ඇත්තේ ලෞකිකත්වයෙන් මිදී භික්ෂූන් වහන්සේලා පලායෑමක්  බවයි. එහෙත් ඛන්ධක කොටස හදාරණ විට එකී චේතනාවෙන්් ඈත් වීමට හැකියාව ලැබේ. සාමාන්‍ය ජීවිතයේ දී ඇති වන ගැට`ඵ හා ඒවාට දී ඇති සාධාරණ විස`දුම් රාශියක් ද ඛන්ධකවල අන්තර්ගතව ඇත. 

ඉහත කී කරුණු අනුව භික්ෂූන් වහන්සේ චරිත දෙකකින් සමන්විත බව අපට සිතිය හැකිය. එනම් පෞද්ගලික ජීවිතව හා පොදු ජීවිතය යන්න යි. විටෙක පෞද්ගලික ජීවිතය පිළිබ`ද අවධානය යොමු කිරීමටත් තවත් විටෙක පොදු ජීවිතය පිළිබ`ද අවධානය යොමු කිරීමටත් ඉඩ ප‍්‍රස්ථාව ලැබී ඇත. මෙහි දී පෞද්ගලික ජීවිතයේ උන්නතිය හා පැවැත්ම උදෙසා විභංග කොටසත් පොදු  ජීවිතයේ පැවැත්ම උදෙසා ඛන්ධක කොටසත් අදාළ කර ගත හැකිය.
විනය පිටකය සංගහ කිරීමේ දී ඒ ස`දහා වස්තු, නිදාන, පුද්ගල, පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, ආපත්ති හා අනාපත්ති යන න්‍යායයන් හතක් යොදා ගනිමින් කළ බව පෙනේ. විනය පිටකය තුළින් භික්ෂු භික්ෂුණී උභය පාර්ශ්වය ස`දහා අදාළ විනය අන්තර්ගත වේ. මෙහි ඇති පාරාජික පාළියේ අන්තර්ගත ව ඇත්තේ උභය සංඝයා විෂයෙහි අකරණීය ධර්මයන් ය. එහි අකරණීය වශයෙන් පාරාජිකා හතරක් උගන්වනු ලබන අතර ඇවැත් දේශනා කරගෙන නැවත පාරිශුද්ධත්වයට පත් විය හැකි සංඝාදිසේස දහතුනකුත් අනියත දෙකත් නිස්සග්ගිය තිහත් මුල් කර ගනිමින් කරුණු ඉදිරිපත් වේ. පාචිත්තිය පාළියේ අන්තර්ගතය පිරික්සීමේ දී මෙහි උභය සංඝයා කෙරෙහි විභංග වශයෙන් දෙයාකාර බෙදීමක් ඇත. භික්ඛු විභංගය තුළ භික්ෂූන්ට පණවන ලද පාචිත්තිය අනූදෙකත් පාටිදේසනීය හතරත් සේඛියා හැත්තෑපහත් පිළිබ`ද විස්තර වේ. භික්ඛුණී විභංගය තුළ අන්තර්ගතව ඇත්තේ භික්ෂුණීන්ට පණවන ලද පාරාජික හතර සංඝාදිසේස හතර පාචිත්තිය හැත්තෑහතර පාටිදේසනීය හතර ආදී භික්ෂුණීන්ට පනවන ලද පාරාජික පාළියේ අන්තර්ගත නොකෙරුණු ශික්ෂාපද කිහිපය හා අනෙකුත් ශික්ෂාපදයි. පාරාජික පාළියේ දී ඇති, භික්ෂූන්ට දේශනා කළ සියලූ ම ශික්ෂාපද භික්ෂුණීන් වහන්සේලා ද රැුකිය යුතු බව බුද්ධ නියමය වේ. 

මහාවග්ග පාළිය තුළ මහා ඛන්ධකය උපෝසථ ඛන්ධකය ආදී වශයෙන් පැනෙන ඛන්ධක දහයකි. චුල්ලවග්ග පාළිය තුළ ද කම්ම ඛන්ධක පාරිවාසික ඛන්ධකය ආදී ලෙස පැනෙන ඛන්ධක දොළොසකි. මෙම දෙවිසි ඛන්ධකාගත ශික්ෂාපදවලින් පෙන්වා දෙන්නේ භික්ෂු භික්ෂුණී උභය පාර්ශ්වය විසින් කළ යුතු හා නො කළ යුතු කරුණු ය. භික්ෂු ජීවිතයේ දී ඉටුකළ යුතු වත් පිළිවෙත් පිළිබ`දව මෙන් ම සෞඛ්‍යවිධි පිළිබ`දවත් ආරාම කළමනාකරණය පිළිබ`දවත් ඇතුළත් අතර භික්ෂු ජීවිතයට අදාළ සෑම අංශයක් ම මෙමගින් ආවරණය වේ. පළමු හා දෙවන ධර්ම සංගායනා පිළිබ`දව චුල්ලවග්ග පාළියේ අන්තර්ගත වීම තුළින් චුල්ලවග්ග පාළිය පළමු සංගායනාවෙන් නොනැවතී විකාශය වී ගිය බවක් පෙන්නුම් කෙරේ. 
පරිවාර පාළිය තුළ අන්තර්ගත වන්නේ ආධුනික සාමණේරයන් වහන්සේලා ස`දහා ශික්ෂණය ලබා දෙන්නා වූ ශික්ෂාපද හා වත්පිළිවෙත් ආදිය යි. මේ ආකාරයට බිහි වූ විනය පිටකය මුල් කර ගෙන පසු කාලයේ දී විනය සාහිත්‍යයක් ද නිර්මාණය වී ඇති අයුරු පෙනේ.

රාජකිය පණ්ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශී‍්‍ර විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර
බිබිල
0715326935

යහපත් දිවියකට මග 

සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශී‍්‍ර සද්ධර්මය මෙලෝ ජීවිතයත් පරලෝ ජීවිතයත් සාර්ථක කර ගෙන නිවන් සාක්ෂාත් කර ගැනීම දක්වා ම වේ. බෞද්ධාගමිකයෙකුගේ ප‍්‍රමුඛතම පරමාර්ථය විය යුත්තේ නිවන් සාක්ෂාත් කර ගැනීමයි. එසේ වුව ද මෙලෝ ජීවිතය පරිහානියට ලක් කරගෙන එවන් වූ සම්භාවනීය තත්ත්වයක් කිසිවෙකුට උදාකර ගත නොහැකිය. ඒ නිසාවෙනි සම්බුදු හිමියන් විශේෂයෙන් මෙලෝ ජීවිතයේ දියුණුව ස`දහා උපකාරී වන දේශනාවන් සිදු කරන්නට යෙදුණේ. එවන් දේශනාවන් අතර සුත්ත නිපාතයෙහි එන කරණීයමෙත්ත සූත‍්‍රය අපට බොහෝ සෙයින් වැදගත් වන්නේ එහි ඇති කරුණු අපේ ජීවිතය හා අතිශයින් ම සබ`දකමක් දක්වන්නට සමත් වීමයි.
”සක්කෝ උජූ ච සූජූ ච සුවචෝ චස්ස මුදු අනතිමානි. සන්තුස්සකෝ ච සුභරෝ ච අප්පකිච්ඡෝ ච සල්ල හුකවුත්තී. සන්තින්ද්‍රයෝ ච නිපකෝ”
මු`ඵ සූත‍්‍ර දේශනාවම ගත්තත් ඒ සෑම ධර්ම පාඨයකින් ම පෙන්නුම් කෙරෙන්නේ අප කෙසේ ද මේ සමාජයේ ජීවත් විය යුත්තේ යන්නයි. එහි දී ඉහත ස`දහන් කළ පාඨය අතිශයින් ම වැදගත් වන්නේ මනුෂ්‍යත්වය ලැබූවෙක් නම් ඔහු තුළ තිබිය යුතු මූලික ගුණධර්ම රාශියක් මෙහි අන්තර්ගත වී තිබීමයි. මෙහි මුලින්ම දැක්වෙන්නේ සක්කෝ යන්නයි. 

එහි සරල අර්ථය වන්නේ ‘හැකියි’ යන්නයි. එනම් කුමක්ද හැකි වන්නේ යන්න අප විමර්ශනාත්මකව සොයා බැලිය යුතුය. මේ සමාජයේ අප ජීවත් වන විට  ඕනෑම තැනැත්තෙකුට ඉටු කළයුතු යුතුකම් සමුදායක් හා වගකීම් සමුදායක් ඇත. විශේෂයෙන්ම මේ ලබා ගත් ජීවිතය අරුත් සම්පන්න එකක් බවට පත් කර ගන්නේ නම් ඒ ස`දහා විශේෂ උත්සාහයක් මහන්සියක් ගත යුතුය. (උට්ඨානවතෝ/ උට්ඨානේන) එහි දී එම කාර්ය සඵල කර ගැනීම තෙක් ගමන් කරන්නේ නම් යහපත් මානසිකත්වයක් (සම්මා සති) ද තිබිය යුතු  වන්නේමය. ධනාත්මක සිතුවිල්ලක් උදා කර ගැනීමේ දී මේ පාඨය අතිශය වැදගත් වේ. මව් කුසින් බිහි වූ දාම අපට යමක් පිළිබදව විචාර පූර්වකව සිතන්නට හෝ යමක් නිසි ලෙස කරන්නට පු`ඵවන් කමක් නැත. ක‍්‍රම ක‍්‍රමයෙනි අප ඒ තත්ත්වය උදා කර ගන්නේ. ළමා වයසේ දීත් තරුණ අවස්ථාවේ දීත් මැදිවියේ දීත් ආදී වශයෙන් අප විසින් සම්පූර්ණ කළ යුතු බොහෝ දෑ තිබේ. මේ සියලූ දේ පිළිබ`ද නිසි  ඕනෑකමක් හෝ අවශ්‍යතාවක් නොතිබෙන්නේ නම් නිසි ලෙස ඉටු කර ගැනීමට හැකි වන්නේ නැත. අධ්‍යාපනය හදාරන, ළමා අවධියේ සිටින දරුවෙකු නම් ඔහුට ඒ කාල වකවානුව තුළ විවිධ හැලහැප්පීම් ඇති විය හැකිය. විෂයය අධ්‍යයන කටයුතු බොහෝ අවස්ථාවල තේරුම් ගැනීමට අපහසු විය හැකිය. ගුරුවරයා උගන්වන දේ තේරුම් ගැනීමට නොහැකි වන්නට ද පු`ඵවන. මේ අවස්ථාවේ දී ඔහු තුළ තිබිය යුතු වැදගත්ම සංකල්පයක් වන්නේ කෙතෙක් අමාරු අපහසු වුව ද තම කාර්ය ‘කෙසේ හෝ සඵල කරගන්නෙමි’ යන හැ`ගීමයි. ඒ ස`දහා සිත යොමු කිරීමයි. තරුණ වයසේ පසුවන අයෙක් නම් ඔහුට සමාජීය ජීවිතයේ දීත් තම පෞද්ගලික ජීවිතයේ දීත් වි`දින්නට සිදුවන දෑ බොහෝය. රැුකීරක්ෂා කරන්නෙක් නම් ඔහුට දිනකට කළයුතු වැඩ ප‍්‍රමාණයක් ඇත. තමාගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් හෝ මානසික සුවය වෙනුවෙන් ද ඔහු වැඩිපුර සිතිය යුතුවේ. ඔහුට ද නොයෙක් අවස්ථාවල දී තම සේවාස්ථානයේ මිතුරන්ගෙන් හෝ වෙනත් නිලයන් දරණ අයගෙන් තාඩන-පීඩන සිදුවිය හැකිය. ඒවා වි`ද දරාගෙන ‘මට මේ දේ කළ හැකියි’ යනුවෙන් සිතා ඔහු කාර්යක්ෂම තම වගකීම් ඉටුකළ යුතුය. මවක් හෝ පියෙක් නම් තම අඹු-සැමි ජීවිතයේ දී බොහෝ ප‍්‍රශ්න-ගැටලූ ඇති වන අවස්ථා  ඕනෑතරම් තිබේ. ආදරය, සෙනෙහස පිරි විවාහ දිවිය තවත් අර්ථ සම්පන්න කර ගැනීම උදෙසා හො`ද ආර්ථිකමය පසුබිමක් තිබීම වැදගත් වේ. (උට්ඨාන සම්පදා/ ආරක්ඛ සම්පදා/ කළ්‍යාණ මිත්තතා/ සමජීවිකතා) ඒ ස`දහා කරන සෑම කි‍්‍රයාවක් ම මහත් උනන්දුවෙන් උත්සාහයෙන්ම සිදු කළ යුත්තේය. එසේ වූ විටය ජීවිතය ප‍්‍රසන්න එකක් වන්නේ. මේ ගුණය රාජ්‍ය පාලනය කරන පිරිසට ද එක සේ හේතු-භූත වන කරුණකි. රටවැසියන් බලාපොරොත්තු වන්නේ හො`ද නිදහස් නිවහල් ජීවිතයක් ගතකරන්නටය. පාලකයන් නිසි ලෙස ඒ ස`දහා කි‍්‍රයාත්මක නොවන්නේ නම් පාලිතයන්ගේ ජීවිත ප‍්‍රාර්ථනා සුණුවිසුණු විය හැකිය. ඒ නිසා ඔවුන්ට ද මේ සංකල්පය බොහෝ සේ වැදගත් වේ. මේ අනුව පළමුවෙන්ම ස`දහන් වන මේ ධර්මතාව අපේ ජීවිතය සැපවත් කරන්නට, සාධනය කරන්නට බොහෝ සේ උපකාරී වන සංකල්පයක් බව පෙනේ. 

දෙවැනිව ස`දහන් වන්නේ උජු යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ  ඕනෑම දෙයක් පිළිබ`දව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවයි. තමන් ගන්නා තීරණ නිවැරදි ඒවාම වියයුතු අතර ඒ තීරණ වෙනත් කිසි`දු හේතුවක් මත වෙනස් කරන්නේ නැත. මේ ක‍්‍රමවේදය මිනිසත් බව ලැබූ සෑම දෙනාට එකසේ වැදගත් වේ. ලොකු-කුඩා වයස් භේදයකින් තොරව මෙහි අන්තර්ගතය  ඕනෑම අයෙකුට භාවිතයට ගත හැකිය. අපේ ජීවිතය පරිහානියට පත්වන එක් ක‍්‍රමවේදයක් වන්නේ අනුන්ගේ බස් අසා අප ගන්නා තීන්දු-තීරණ ක්ෂණයකින් ක්ෂණය වෙනස් කිරීමයි. එවිට තමන් කරන්නේ හො`ද කි‍්‍රයාවක් නම් ඒ පිළිබ`දව ඔහු තුළ පවතින්නේ සැකයකි. ඒත් එක්කම ඔහුගේ අවශ්‍යතාව හීන වී යන්නට ද පු`ඵවන. මේ හේතුව නිසාවෙනි අප ඍජු චරිතයක් විය යුත්තේ. එසේ වුවද වැරදි තීරණ ගන්නේ නම් එය වැරදි තීරණයක්ය යන හැ`ගීම ආ විට හෝ වෙනත් අයෙකු විසින් ඒ කි‍්‍රයාව වැරදි සහගත බව ප‍්‍රකාශ කළ විට එය ඉවත දැමීමේ ශක්තිය ද තිබිය යුතුමය. එය ඍජුකමට බාධාවක් නොවේ. ඍජුබව තිබිය යුත්තේ තම ජීවිත සාධනය පිණස මිස ජීවිත පරිහානිය පිණිස නොවේ. යම් ආයතනයක් ප‍්‍රධානියෙක් නම් ඔහු තම සේවකයන් පාලනය කිරීමේ දී ඔවුන්ට වැඩ පැවරීමේ දී ඍජු ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. එවිටය එහි සංවර්ධනයක් දැකිය හැකි වන්නේ. පාසලක් නම් එහි විදුහල්පතිවරයා ඍජු ගුණයෙන් හෙබි අයෙක් විය යුතුය. එවිටය එහි ඉගෙනුම ලබන දරුවන්ට නිසි ඵල ලැබිය හැකි වන්නේ. උගන්වන ගුරුවරුන් ද ඍජු බවින් යුක්ත විය යුතුය. එවිටය ඉගෙනගන්නන් ද මහත් සැලකිල්ලෙන්  ඕනෑකමින් අධ්‍යාපනයේ යෙදෙන්නේ. නිවසක නම් මව-පියා දෙපළම ඍජු තීරණ ගන්නා චරිත විය යුතුය. එය දරුවන්ගේ ආදරයට සෙනෙහසට බාධාවක් නොව තම දරුවන්ගේත් මානව පවුලේත් සුබ සිද්ධිය උදෙසා ගනු ලබන නිවැරදි තීරණ ඒ ආකාරයට ම ඉටු කිරීමේ කි‍්‍රයාවලියේ මුදුන් මුලයි. මේ අනුව මෙහි ඇති ධර්මතාව භාවිත කරන්නේ නම් එය සාර්ථක දිවි පැවැත්මක කේන්ද්‍රීය ලක්ෂණයක් විය හැකිය.
කරණීය මෙත්ත සූත‍්‍රයේ ඊළ`ගට ස`දහන් වන්නේ සුවච යන ගුණය යි. ‘වච’ යනු වචනය යි. සුවච යන්නෙන් ගම්‍ය වන්නේ පි‍්‍රයශීලී, හික්මුණු, කණට පි‍්‍රය සත්‍යය වචන යන්නයි. දෙදෙනෙක් අතර හෝ පිරිසක් අතර බොහෝ විට භේද භින්න හටගන්නට ප‍්‍රමුඛතම හේතුවක් වන්නේ සත්‍යවාදී නොවීම යි. තමන් පිළිබ`ද අන්‍යයන් තුළ විස්වාසය ගොඩනැගීම උදෙසා සත්‍යය වචනය වැදගත් වේ. සම්බුදු හිමියන් දේශනා කළේ ‘විස්වාසා පරමා ඤාති’ යනුවෙනි. එනම් විස්වාසය නම් තමන්ගේ උතුම්ම ඥාතියාය යන්නය. එසේ නම් අප මුවින් නිකුත් කරන වචන පිළිබ`ද කොයිතරම් සැලකිල්ලක් දැක්විය යුතුදැයි අපට නැවත වරක් සිතා බැලීමේ අවස්ථාව උදාවී තිබේ. ලොවෙහි මෙතෙක් වංචා-duuෂණ ආදියත් යුදමය වාතාවරණයක් ඇතිවීම කෙරෙහි බොහෝ සෙයින් හේතවක් වී ඇත්තේ සත්‍යයවාදී නොවීමය. අනුන් භේද කිරීමට, දෙදෙනෙක් අතර පවත්නා සම`ගිය විනාශ කිරීමට එක් වචනයක් ප‍්‍රමාණවත් ය. තමන් කුමන තනතුර දැරුව ද වචන භාවිතාවේ දී අන්‍යයන් පිළිබ`දව මොලොක් සිතින් යුතුව කළ යුතුය. නිවසේ නම් මව පියා තම දරුවන් ඇමතීමේ දී හො`ද වචනම භාවිත කළ යුතුය. තම දරුවන්ට නිවැරදි සමාජානුයෝජනයක් ලබා දිය හැකි වන්නේ එවිට ය. පාසලේ දී නම් ගුරුවරයා හො`ද බස් වහරන්නෙක් විය යුතුමය. උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ද තම වචන භාවිතාව කෙරෙහි වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතුය. නිවසේ දී දෙමාපියන්ගෙන් සන්නිවේදනය වන දේට අලූතින් යමක් එකතු වන්නේ පාසලෙනි. ඒ නිසා ගුරු වෘත්තියේ නියුතු ගුරුභවත්හු සත්‍යයවාදී යහපත් පි‍්‍රය වචන භාවිත කරන්නෝ විය යුත්තෝ ය. අනුන්ට තමා කෙරෙහි ප‍්‍රිය ඉපදවීමේ දී වඩාත් වැදගත් සාධකය වන්නේ වචනය යි. කෙතරම් ප‍්‍රිය මනාප ශරීරයක් තිබුණත් ඔහු හෝ ඇයගේ වදන් එසේ පි‍්‍රය මනාප නොවන්නේ නම් එහි වටිනාකමක් නැත. 

සුවච යන ගුණයත් සම`ග සම්බන්ධ වන ඊළ`ග ගුණය වන්නේ මුදු ගුණය යි. මෘදු මොලොක් බව, සැර පරුස් බවින් තොර බව, කාරුණික බව, දයාසම්පන්න බව ආදී ගුණාංග ඉස්මතු වන්නේ මේ ගුණයත් සම`ගය. කෙතරම් සැර පරුෂ වුව, කියන කිසිම දෙයක් අසන්නැති අයෙක් වුව එක් මුදු වදනකින් ඔහුගේ පරුෂ බව නැතිකළ හැකිය. මේ ස`දහා අතිශය වැදගත් අවස්ථාවන් රාශියක් බුද්ධ චරිතය හා සම්බන්ධව ඇත. අහිංසක කුමරු අංගුලිමාල කළේ ද නැවත ඔහු අහිංසක චරිතයක් කළේ ද වචනයෙනි. ඔහුගේ මිතුරන් ඔහු කෙරේ ඊර්ෂ්‍යාවෙන් ගුරුතුමාට කේළම් කිව් නිසා ඔහුට ලැබුණු ගුරු පූජාව වූයේ මිනිසුන් දහසකගේ ඇ`ගිලි කැපීමයි. ඒ අවස්ථාවේ ගුරුතුමා ක‍්‍රියා කළේ මුදු සිතකින් නොවේ. ඇ`ගිලි නවසිය අනූ නවයක් කපා දහස පූරණය කරන අවස්ථාව එනතෙක් ඇ`ගිලි ගනිමින් සිටි ඔහුට බුදුරජාණන් වහන්සේගේ මුදු වදන් කණ වැකෙත්ම සිත සැනහී නැවත අහිංසක තැනැත්තෙක් බවට පත් විය. නාලාගිරි ඇතා ද ආලවක යක්ෂයා ද දමනය වූයේ බුදුන්ගේ මහා කරුණා ගුණය හේතුවෙනි. මේ නිසා තවත් අයෙක් සන්සුන් කරන, මානසික සුවය එළවන, හිතවත් කරන ගුණයකි මුදු යනුවෙන් සැලකෙන්නේ. මහා බ‍්‍රහ්මයා සතු උතුම් ගුණයක් ලෙසත් මෙය විටෙක සම්භාවනාවට පාත‍්‍ර වෙයි. දෙමාපියන් තුළ ද මෙකී ගුණය ඇති බව සම්බුදු හිමියන් විසින් දේශිත ය.

ඉන් පසුව ඇති ගුණය නම් අනතිමානි ගුණයයි. මෙයට තවත් නමක් නම් නිහතමානි බවයි. එනම් තමන් කෙතෙක් භෞතික-අභෞතික වස්තුවලින් ආඪ්‍යත්වයට පත් වී සිටිය ද අහංකාර බවක් හෝ උ`ඩ`ගු බවක් ඇති නොවීමයි. සමහරු තම වංශය නිසා කුලය නිසා දේපල නිසා හෝ ධනය නිසා අහංකාර වෙති. උ`ඩ`ගු වෙති. මානයෙන් ඉදිමෙති. නමුදු ඒ සංකල්පය තමාගේ විනාශය පිණිස පවතී. තමන්ට හිත මිතුරෙක් පවා නැතිවී යන්නේ උඩ`ගුකමින් යුක්තවීම නිසාවෙනි. සමාජයේ ජීවත් වන විට තමන් අනුන්ට වඩා උසස් යැයි ධන සම්පත්වලින් අඪ්‍ය යැයි හ`ගින්නට ඉඩ හැරීම මානයෙන් පිරුණා වූ අහංකාර වූ අයවලූන්ගේ සිරිතය. සම්බුදු හිමියන් වරෙක දේශනා කළේ ති‍්‍රවිධ මානය තමාගේ ජීවිතය විනාශ කිරීමට යෙදෙන ප‍්‍රබලතම සංකල්පයක් බවයි. (තමාට වඩා ඉහළ (සෙය්‍යමාන), තමා හා සමාන (සදිසමාන), තමා අනුන්ට වඩා පහත (හීනමාන) මේ මානය මානසික රෝගයක් ලෙස සලකා බැහැර කළ යුතු බවයි බුදු දහමේ ස`දහන් වන්නේ. නිහතමානි තැනැත්තා තුළ ද්වේෂය වෛරය විරලය. ඔහු නිතර අන් අයගේ ඇසුර පතයි. ඔවුන් සම`ග සුහදව වසයි. අනුන්ට උපකාර කිරීම් ආදිය ද කරයි. හො`ද නායකයෙක් වීමට නම් අතිශයින් ම වැදගත් වන්නේ නිහතමානිකමයි. මේ නිසා සාමාන්‍ය ජීවිතයේ දී ද සමාජීය ජීවිතයේ දී ද නිහතමානි ගුණය වැදගත් ය. අපට අප ගැන ප‍්‍රසාදයක් ඇති කර ගැනීමට නම් නිහතමානි අයෙක්ම විය යුතුය.
සන්තුට්ඨි නමින් හැ`දින්වෙන්නේ ඊළ`ග ගුණය යි. මෙහි සරල අර්ථය වන්නේ ලද දෙයින් සතුටු වීම යනුයි. අපි ජීවන සාධනයේ දී නොයෙක් ක‍්‍රියාවන් කරමු. නමුදු අප කරන කි‍්‍රයාවේ ප‍්‍රතිඵල බලාපොරොත්තු වන ලෙසම ලබා ගැනීමට අපට බොහෝ විට ඉඩ හසර ඇහිරී යයි. එවන් විටෙක අප ලැබෙන දෙයින් සැනසිය යුතුය. සම්බුදු හිමියන් පෙන්වා දෙන්නේ මිනිසත් බව ලැබුවෙකුගේ උතුම් වූ ධනය සතුට බවයි.(සන්තුට්ඨි පරමං ධනං)අප ඇසුරු කරන දහමේ කර්ම න්‍යයායක් ඇති නිසා සමහර විට අප කරන කි‍්‍රයාවෙහි ප‍්‍රතිඵල යම් ලෙසින් අඩු-වැඩි විය හැකිය. ඒ නිසා හැකි තරම් අප උත්සාහය වීර්යය ඇති කරගෙන සෑම කි‍්‍රයාවක් ම සාර්ථක කර ගැනීමට සිත ඇති කර ගත යුතුය. බුදු දහමේ කිසිම විටෙක අලසකමට ඉඩක් ලබා දෙන්නේ නැත. සම්මා වායාම (යහපත් උත්සාහය) වැඩිය යුතු බවයි සම්බුදු හිමියන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී දේශනා කර ඇත්තේ. ඒ නිසා ජීවිතයේ සතුටක් වි`දීමට නම් එය සාර්ථක කර ගත යුතුය. ඒ ස`දහා ය සම්බුදු දහම අප භාවිතයට ගත යුත්තේ. උන්වහන්සේ කිසි දිනෙක සැපවත් ජීවිතය පරිහානියට හේතුවන බව වදාරා නැත. අණන සූත‍්‍ර දේශනාවෙන් පවා පෙන්වා දෙන්නේ මෙලෝ ජීවිතයේ දී සැනසීමෙන් හා සතුටින් සිටීමට හැකි පරිදි කටයුතු සම්පාදනය කළ යුතු බවයි. එහිදී හො`දින් ජීවත් වීම ස`දහා ධනයක් ඇතැයි සිතීමෙන් (භෝග සුඛ), කිසිවෙකුට ණයක් වී නැති බව හැ`ගීමෙන් (අණන සුඛ) හා නිවැරදි දිවි පැවැත්මකින් යුක්ත නිසා ඇතිවන සතුට (අනවජ්ජ සුඛ) මත දිවිමෙ`ග් බලාපොරොත්තු වන සාධනීය තත්ත්වය ළ`ගා කර ගත හැකිවන්නේ ය. මේ පිළිබ`ද සිතා  ඕනෑම අයෙකුට සැනසීමෙන් ජීවත් විය හැකිය. විශේෂයෙන් ම මේ තත්ත්වය උදා කර ගැනීම ස`දහා ඉහතින් ස`දහන් කළ ගුණාංග මනාව පූරණය කළ යුතු වන්නේ ය.
සන්තුට්ඨියෙන් පසුව දැක්වෙන්නේ සුභර ගුණය යි. මෙයින් හැෙ`ගන්නේ ‘පහසුවෙන් පෝෂණය කළ හැකි යන්නයි.’ ලොව ජීවත් වන සියල්ලන්ටම පහසුවෙන් ජීවත් විය නොහැකිය. විවිධ අපහසුතා තිබේ. සමාජයේ ජීවත් වන විට මේ ගුණයෙන් යුක්ත නම්  ඕනෑම තැනක ගොස් පහසුවෙන් සිටිය හැකිය. අප ගන්නා ආහාරපාන හෝ වස්ත‍්‍රාභරණ හෝ වෙනත් දෑ තමන්ගේ සන්තකයේ ඇති මුදලට සාපේක්ෂව ගත යුතුය. (සමජීවිකතා) නො එසේ නම් වන්නේ මහත් පසුතැවිල්ලකි. පවුල් ජීවිතය විනාශ වී යාමට සමහර අවස්ථාවල ප‍්‍රධානතම හේතුවක් වන්නේ මේ ගුණාංගයෙන් රහිත වීමය. අඹු-සැමි ජීවිතයේ දී දෙදෙනාට ම තම ආර්ථිකය වර්ධනය කර ගැනීමට වගකීම ඇත. තම දරුවන්ට සුදුසු දෑ ලබාදෙමින් අනවශ්‍ය දෑ මිලදී ගැනීමෙන් වැළකීමෙන් හො`ද ජීවිතයක් කරා ගමන් කළ හැකිය. බොහෝ අවස්ථාවලදී දරුවන්ට අනවශ්‍ය දෑ ලබා දීම මත දරුවාගේ ජීවිතය ද විනාශ වන අතර නිවසේ ආර්ථිකය ද බලා සිටිය දී ම පරිහානියට පත්වේ. මේ නිසා අප පිළිපැදිය යුතු වැදගත් ම කරුණක් වන්නේ තමන්ට අත්‍යවශ්‍ය දෑ පමණක් පරිභෝජනය තරමින් මානසික සුවතාවක් ඇති කරගෙන අනුන්ට බරක් නොවී සැහැල්ලූව ජීවත් වීමය. එවිට තමන් කරන කාර්යයන් පවා ඉතා හො`දින් ඉටු කර ගත හැකි වන්නේ ය. 

ඊළ`ගට ස`දහන් වන්නේ අල්පකෘත්‍ය හෙවත් අප්පකිච්ච යන ගුණය යි. මෙය ද ඉහත ස`දහන් කළ ගුණයට සමගාමීව පවත්නා ගුණයකි. මෙයින් හැෙ`ගන සරල අරුත නම් තමන්ට පු`ඵවන් දේ පමණක් කරන්නට පෙළඹීමයි. එනම් මිනිසෙක් වශයෙන්  ඕනෑම කෙනෙකුට දරා ගත හැකි උපරිමයක් තිබේ. ඒ උපරිමය පසුකළ විට නොදැනුවත්වම වුව ද සිදුවන්නේ විනාශයකි. ඒ නිසා මේ ගුණාංගයෙන් යුක්ත නම් සැහැල්ලූවෙන් ජීවත් විය හැකිය. ඉගෙනගන්නා වයසේ පසුවන්නන් තමන්ට හැකි පරිදි අධ්‍යාපනයේ යෙදිය යුතුය. සමහර දරුවන් පාඩම් කරන්නට යෑමේ දී මැදියම් රැුය පසුවන තුරුම නිදිවර්ජිතව යෙදේ. එය මානසික වශයෙන් ද කායික වශයෙන් ද පිරිහෙන්නට හේතු වන්නේ ය. රැුකියාවේ යෙදෙන්නෙකුට හෝ ගොවිතැන් ආදි කටයුතුවල යෙදෙන්නන්ට නම් තමන්ට කළ හැකි වැඩ කොටසක් තිබේ. ඊට එහා යන්නේ නම් එය ඔහුගේ විනාශය පිණිස හේතු වන්නේ ය. මේ ආදී වශයෙන් ගත් විට  ඕනෑම අයෙකුට යම් සීමාවක් ඇත. ඒ සීමාවෙන් එපිට ගිය විට මහත් අසහනයක් දැනේ. ඒ නිසා අසහනයෙන් තොරව කායික මානසික සුවයත් සම`ග කළ හැකි කි‍්‍රයාවන්වල යෙදීම තුළින් බොහෝ කලක් නිදුක් නිරෝගි සුව වින්දනය කිරීමට පිටුවහලක් ලැබෙන්නේ ය. අප්පකිච්ච යන්නෙන් කියැවෙන්නේ එයයි. එයින් පසුව ඇත්තේ ‘සල්ල හුකවුත්ති’ නමින් හැ`දින්වෙන සැහැල්ලූ දිවි පෙවෙත යන්නයි. අල්පකෘත්‍ය ඇති විට සැහැල්ලූවෙන් ජීවත් විය හැකිය. ආහාරපාන ගත්තත් රක්ෂාවක් කළත් වෙනත්  ඕනෑම කි‍්‍රයාවක නිරත වුවත් මේ සෑම අවස්ථාවක දී ම පමණට කළ යුතුය. පමණ ඉක්මවා ගිය විට ඇති වන්නේ වේදනාවකි. ආහාර තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ගන්නේ නම් හුස්ම ගැනීමට පවා නොහැකිව මහත් අපහසුතාවන්ට පත්වේ. එක් අවස්ථාවක දී කොසොල් මහරජතුමා ද ආහාර වැඩියෙන් ගැනීමෙන් ඇතිවන විපාක බුදු හිමියන්ගෙන් ම අසා දැනගෙන එයින් වැළකී ඇත. ඒ නිසා ජීවිතයේ දී අරපරෙස්සම අතිශයින් වැදගත් සංකල්පයකි. එය සරල දිවි පැවැත්ම හා බද්ධව පවතී. ආහාරපාන පමණක් නොව ඇ`දුම් පැළදුම් පවා මිලදී ගැනීමේ දී පරෙස්සමෙන් ගත යුතුය. අපේ සංස්කෘතියට ගැළපෙන, මිනිසුන්ට ප‍්‍රසන්නතාවක් ඇති කරවන ඒවා පාවිච්චි කිරීම අතිශය වැදගත් ය. සමහර විටෙක ඇ`දුම් පැළ`දුම් භාවිතය අනෙකාගේ ඊර්ෂ්‍යාවට හෝ සමච්චලයට හෝ කාමාශාව ඇතිවන්නට හේතුවක් විය හැකි ය. සමහර විට පොහොසත් යැයි කියා ගන්නා පවුල් පරිසරයේ නැති සැහැල්ලූ බවක් කටුමැටි ගැසූ නිවෙස්වල වෙසෙන දිනකට එක වේලකින් සෑහීමකට පත්වන පවුල්්වලින් දැකගත හැකිය. මිල මුදල් අතේ ගැවසෙන විට මසුරුකම ලෝභය ආදී අධාර්මික සංකල්ප ඇති විය හැකිය. (කෝසිය සිටුතුමා, ආනන්ද සිටුතුමා) ඒ නිසා ජීවිතයේ අවශ්‍යතා මොනවාදැයි හරිහැටි තෝරා බේරාගෙන කි‍්‍රයා කිරීම අතිශය වැදගත් වේ. මෙය ද ජීවන ගමන සාර්ථක කර ගැනීමට අතිශය වටිනාකමක් ඇති ගුණයකි බව ඒ අනුව අපට වැටහේ.

සන්තින්දියෝ නමින් හැ`දින්වෙන සංකල්පය අප සැවොම නිතර අසා තිබෙන තවත් එක ගුණාංගයකි. මනාව දැමුණු ඉ`දුරන් ඇති බව යන්න එයින් හැ`ගී යයි. ඉ`දුරන් සංවර කර ගැනීම සිතන තරම් පහසු කාරණාවක් වන්නේ නැත. සම්බුදු හිමියන් දේශනා කළේ සිත දමනය කර ගන්නා ලෙසයි. (සචිත්ත පරියෝදපනං* විවිධ සූත‍්‍ර දේශනාවලින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සිත සංවර කර ගැනීමෙන් ඇතිවන ශාන්තිය යි. උන්වහන්සේ දේශනා කළ එක් ගාථා පාඨයක් මෙහි දී ස`දහන් කිරීම වටී යැයි හ`ගිමි.
උදකං හි නයන්ති නෙත්තිකා - උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡුකා - අත්තානං දමයන්ති පණ්ඩිතා (ධම්මපදය)
ජලය කුඹුරු වෙත ගෙන යන්නන් එය මැනවින් ගෙන යෑමට දිය පහරවල් සකස් කරන්නාක් මෙන් දුණු හී සාදන්නවුන් නිසි පරිදි එය සකස් කර සාදන්නාක් මෙන් පණ්ඩිතයා ද තමන්ගේ සිත දමනය කරගනී, ඒ ස`දහා වෙහෙසේ යන්න එහි සරළාර්ථය යි. ශාන්ත ඉ`දුරන් දකින විට  ඕනෑම අයෙකුට ඇති වන්නේ ප‍්‍රසන්න හැ`ගීමකි. නිරෝගි සුවය ස`දහාත් මෙහි බලපෑම ලැබේ.
නිපක ඊළ`ගට ඇති ගුණය යි. මෙහි අදහස නම් නිපුණ, පණ්ඩිත, දක්ෂ යන්න යි. ජීවිතයේ දී  ඕනෑම දෙයකට දක්ෂතාව තිබිය යුතුය. අධ්‍යාපනය ලැබීමටත් හො`ද රැුකියාවක් කිරීමටත් කුසල් රැුස්කිරීමටත් සමාජීය කාරණා ඉටු කිරීමටත් හැකියාවක් හා නිපුණත්වයක් තිබීම අන්‍යයන් අතර කතාබහට ලක්වීමට හේතුවේ. කතාබහ යනු අනවශ්‍ය දෙයක් නොව තමන්ගේ හැකියාවන් පිළිබ`ද ඔවුන් තෘප්තිමත් වීම නිසා අසන්නට ලැබෙන ප‍්‍රසංසාවන් ය. සමහරුන්ට උපතින්ම යම් යම් දේ පිළිබ`ද නිපුණත්වයක් තිබිය හැකිය. සමහර දේ පුහුණුවීමෙන් ළ`ගා කර ගත හැකිය. කෙසේ හෝ සෑම අයෙක්ම යම් දේකට හෝ නිපුණත්වයක් ලබා තිබීම ඔහුගේත් ඔහුගේ මානව පවුලේත් මෙන් ම සමාජයේත් සංවර්ධනයට මහත් පිටුවහලකි. 

මේ අනුව අප වන්දනාමාන කරන අවස්ථාවල දී කරණීයමෙත්ත සූත‍්‍රය කටපාඩමින් සජ්ඣායනා කළ ද මෙහි ඇති ගුණ ධර්ම අපේ දිවියට ඇතුළත් කරගන්නේ නම් අප නිරන්තර ප‍්‍රාර්ථනා කරන අප බලාපොරොත්තු වන සාර්ථකත්වය කරා ළ`ගා වීම අපහසු කාර්යයක් නොවේ. කෙටියෙන් නමුත් මේ ස`දහන් කළ ධර්ම කාරණාවන් ඔබේ ජීවිතය ආලෝකවත් කිරීමට මහ`ගු දායකත්වයක් සැපයේ. ඒ නිසා අපත් ලබා ගත් මේ දුර්ලභ වූ ජීවිතය (දුල්ලභං ච මනුස්සත්තං* සාර්ථක කර ගනු වස් මෙකී ගුණාංගයන් ජීවිතයට බද්ධ කර ගනිමු. මෙවන් උදාර චරිත ලක්ෂණවලින් හෙබි පුද්ගලයින් වැඩි වූ තරමටය සමාජය වුව සුන්දර වන්නේ. එහි පැවැත්ම ර`දා පැවැත්මට ද එය වැදගත් වේ. ඒ නිසා සමාජය සාමකාමී වේ. එවන් වූ සමාජයක් ප‍්‍රාර්ථනා කිරීම මෙන් ම එවන් සමාජයක ජීවත්වීමට ලැබීම අප ලබන්නා වූ සැනසීමකි. තෙරුවන් සරණයි.

රාජකිය පණ්ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශී‍්‍ර විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර
බිබිල
0715326935


ඞී. ඊ. හෙට්ටිආරච්චි භාෂා සාහිත්‍ය සේවාව පිළිබඳ පුනරාවර්ජනයක්


සිංහල භාෂා සාහිත්‍ය උන්නතිය පිණිස ඉමහත් සේවාවක් කළ ශ්‍රේෂ්ඨ පඬිවරුන් අතර පුරෝගාමි චරිතයක් ලෙස ඞී.ඊ. හෙට්ටිආරච්චි වියතාණන් සඳහන් කිරීම වටී. වත්මන් සිංහල භාෂාව හා සාහිත්‍ය කෙතරම් දියුණු මට්ටමක පවතී ද එහි නියමුවාණන් ලෙස කටයුතු කළ මහාප‍්‍රාඥයන් අතර ඔහුගේ නාමය ද අමතක කළ නොහැකි ය. පේරාදෙණි ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වශයෙන් ශාස්ත‍්‍රීය අධ්‍යාපන ජීවිතයේ සුවිසල් කඩඉමක් පසු කළ මහැදුරාණන් නිසා සමකාලීන හා පසුකාලීන විද්‍යාර්ථීහු සුවිශේෂ භාෂා, සාහිත්‍ය ප‍්‍රාග්ධනයක් උරුම කරගත්හ. සිංහල භාෂාව හා සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් එතුමාණන් කළ සේවාව පිළිබඳ කෙරෙන පුනරාවර්ජනයකි මේ.
අගනගරයට සමීපව පිහිටි කුඩා ගමක් වූ බුත්ගමුවෙහි 1909 වර්ෂයේ මැයි මස 06 වැනි දින මෙලොව එළිය දුටු ඔහුගේ දෙමාපියන් වූයේ දොන් ඒබ‍්‍රහම් හෙට්ටිආරච්චි සහ පොඩිහාමිනේ විජේසිංහ යි. මෙකල ඉංග‍්‍රීසීන්ගේ පාලන සමයක් වූ බැවින් දෙමාපියන් ඔහුට ලබාදුන් නාමය වූයේ දොන් එලාරිස් හෙට්ටිආරච්චි යන්නයි. එනමුදු නිවහල් දේශයක, ජාතියක අපේක්ෂාවෙන් කටයුතු කළ හෙයින් තද්නාමය පසෙකලා දයානන්ද ඒකනාථ ලෙසින් නාමය වෙනස් කොට භාවිත කළේ ය. ළමා කාලයෙහි බුත්ගමුව රජයේ විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය හදාළ මෙම කුමරුවන් අධ්‍යාපනය විෂයයෙහි පෑ සමර්ථතා නිසා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු කිරීමට දෙමාපියන් කටයුතු කළේ, ඔහුට සුවිශේෂ අනාගතයක් ඇති බව මැනවින් හඳුනාගත් නිසාම ය. පාසල් අධ්‍යාපනය ලද සමයෙහි දී ගණිත විෂයයට මහත් රුචියක් දැක්වූ ඔහු විශ්වවිද්‍යාල සාමර්ථය ලබා එහි ශාස්ත්‍රෝද්ග‍්‍රහණය ලැබීමේ දී පවා, එය වෙනසකට බඳුන් නොකොට පවත්වා ගත්තේ ය. එවකට ලන්ඩන් විශ්වවිද්‍යාලය අනුබද්ධිත ආයතනයක් වශයෙන් පැවති ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළුව සංස්කෘත, පාලි ආදි සම්භාව්‍ය භාෂාද්වයෙන් සමන්විත ඉන්දු-ආර්ය භාෂා පාඨමාලාව තෝරාගෙන අවසාන පරීක්ෂණයෙන් ගෞරව සම්මාන සහිතව සාමර්ථ්‍යය ලැබුවේ ය.
පර්යේෂණයට හිතපක්ෂ විද්‍යාර්ථියෙකු වූ හෙට්ටිආරච්චි 1932 වර්ෂයේ දී සිංහල ශබ්දකෝෂ සංස්කාරක මණ්ඩලයේ උපකර්තෘ තනතුරට පත් වන අතර එවිට ඔහුගේ වයස 33ක් පමණ ය. ඔහු එම තනතුරට තෝරා ගැනීමේ දී එවකට එහි ප‍්‍රධාන කර්තෘත්වය හෙබවූ ශ‍්‍රීමත් බාරොන් ජයතිලක සූරීන් හෙට්ටිආරච්චි තරුණ විද්‍යාර්ථියාගේ සුවිශේෂ දක්ෂතා පිළිබඳ මනා දැනුම්වත්වීමකින් යුක්තව සිටියේ ය. එනමුදු එහි කෙටි කලක් සේවය කළ හෙට්ටිආරච්චි මහතා තමාගේ පෞද්ගලික වියදමින් ඉන්දියාවට ගොස් එහි කල්කටා විශ්වවිද්‍යාලයට බැඳුණේ ස්වකීය අධ්‍යාපන ජීවිතය පුළුල් කරගැනීමේ ඒකායන අභිලාෂයෙනි. කල්කටා විශ්වවිද්‍යාලයේ දී සංස්කෘත, ප‍්‍රාකෘත භාෂාද්වය හදාරා එයින් ශාස්ත‍්‍රපති උපාධිය ලැබූ ඔහු නැවත මෙරටට පැමිණි අතර, නැවතත් ඔහු සිංහල ශබ්දකෝෂ මණ්ඩලයේ උපකර්තෘ වශයෙන් වැඩ භාර ගත්තේ ය. එතැන් පටන් වර්ෂ 5ක් පමණ නොකඩවාම සිංහල ශබ්දකෝෂ සම්පාදන කාර්යයෙහි නියුක්ත වූ ඔහුගෙන් සිදු වූ සේවාව සුළුපටු නොවේ. මන්ද මෙකල පාලි, සංස්කෘත, ප‍්‍රාකෘත ආදි භාෂා පිළිබඳ විශාරදයන් අතර හෙට්ටිආරච්චි මහතා ප‍්‍රමුඛ ස්ථානයේ සිටි නිසා ය. 
ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක්ව පැවති ලංකා විශ්වවිද්‍යාලය 1942 වර්ෂයේ දී පූර්ණ විශ්වවිද්‍යාලයක් තත්ත්වයට උසස් වූ අතර එහි පෙරදිග භාෂා පීඨයෙහි සහකාර කථිකාචාර්ය ධුරයක් හෙබවූ ඔහු සංස්කෘත, සිංහල යන භාෂාද්වය ඉගැන්වීය. තම දේශනවලදී ඔහු වැඩිපුර අවධානය යොමු කළේ ව්‍යාකරණ අංශය හෝ භාෂා විශ්ලේෂණයට නොව විද්‍යාර්ථින්ගේ සාහිත්‍ය රසය පුබුදුවාලීම කෙරෙහි ය. පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත්ව දෙවර්ෂයක් ඉක්ම යාමට මත්තෙන් ලංකා විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨයෙහි එක් එක් භාෂා වෙනුවෙන් වෙන වෙනම අධ්‍යයන අංශ පිහිට වූ අතර සිංහල අධ්‍යයන අංශය ද එසේ පිහිටවූවකි. එහි කථිකාචාර්ය ධුරයට පත් ඞී.ඊ. හෙට්ටිආරච්චි ඇදුරිඳු සිංහල භාෂාවත් සාහිත්‍යයත් ඉගැන්වීය. සාහිත්‍ය ඉගැන්වීම පිළිබඳ ඉමහත් රුචියක් දැක්වූ ඔහු ධම්පියා අටුවා ගැටපදය, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය ආදි කෘති එහිලා ප‍්‍රමුඛ කොට ගත්තේ ය. ඔහුගේ මෙම ක‍්‍රියාව පූර්වාදර්ශ කොට ගත් විද්‍යාර්ථීහු ද සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෙරෙහි ඇල්මක් ඇති කරගත්හ. වර්ෂ 7කට ආසන්න කාලයක් ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළ ඔහු 1951 වර්ෂයේ දී එහි මහාචාර්යවරයෙකු වශයෙන් උසස්වීම් ලැබුවේය. ලංකා විශ්වවිද්‍යාලයෙහි සිංහල විෂයය පිළිබඳ ද්විතීය මහාචාර්යවරයා වන්නේ ද හෙට්ටිආරච්චි මහැදුරුතුමා ය. 
කොළඹ පිහිටි ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනයනු ලැබූ පසුවත් සිංහල අධ්‍යයනාංශයේ ප‍්‍රධානත්වය දරමින් කටයුතු කළ ඔහු වර්ෂ 18ක් පමණ අංශාධිපති වශයෙන් පත්ව භාෂා සාහිත්‍ය නගා සිටුවීම කෙරෙහි ඉමහත් සේවයක් ඉටු කළේ ය. මෙම කාලයේ ද සිංහල ශබ්දකෝෂ මණ්ඩලයේ කර්තෘවරයෙකු වශයෙන් කටයුතු කළ අතර, හැකි සැම විටෙකම ශාස්ත‍්‍රීය ලේඛන සම්පාදනයෙහි නියුක්ත විය. හෙට්ටිආරච්චි සම්පාදනය කළ බොහෝ ශාස්ත‍්‍රීය ලිපි සම්භාව්‍ය සාහිත්‍ය විෂයය කේන්ද්‍ර කොට ගත්තකි. කෘති ගණනාවක් සම්පාදනය කළ ඔහුගේ තද්කෘති අතර සිංහල ශබ්දකෝෂයේ කාණ්ඩ කිහිපයක් ද සිංහල විශ්වකෝෂයේ කාණ්ඩ කිහිපයක් ද වෙයි. සිංහල භාෂාවෙන් පමණක් නොව ඉංග‍්‍රීසි භාෂාවෙන් ද ලිපි බොහෝ ප‍්‍රමාණයක් සම්පාදනය කළ ඔහු ඒවා ශාස්ත‍්‍රීය ලෝකයට මුදාහළේ ය. 
එවකට පිරිවෙන් ආයතන වශයෙන් පැවති විද්‍යාලංකාර සහ විද්‍යෝදය පිරිවෙන් දෙක 1958 වර්ෂයේ අංක 45 දරන විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කෙරිණි. මෙමගින් විශාල පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථාව උදා වූ අතර විද්‍යෝදය පිරිවෙණේ පරිවේණාධිපතිව වැඩ විසූ වැලිවිටියේ සෝරත හිමිපාණන් එහි උපකුලපති වශයෙන් පත්කෙරිණි. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු තද්තනතුර සඳහා හෙට්ටිආරච්චි මහැදුරාණෝ පත්වූහ. වර්ෂ 03කට ආසන්න කාලයක් මුළුල්ලේ එහි උපකුලපති තනතුර හෙබවූ අතර උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙහි ඇතිවූ විවිධාකාර ගැටලූ නිසා එයින් ඉවත් විය. 1951 සිට 1969 දක්වා ලංකා විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය වශයෙන් කටයුතු කළ හෙට්ටිආරච්චි වියතාණෝ එකී කාලවකවානුව තුළ සිංහල අංශය නගාසිටුවීම පිණිස කටයුතු කළහ. එතුමන්ගේ ශාස්ත‍්‍රීය ජීවිතයේ ස්වර්ණ යුගය වශයෙන් මෙම කාලවකවානුව නම් කළ හැකි ය. 
ශාස්ත‍්‍රීය ජීවිතයේ ඉමහත් කැපවීමෙන් කටයුතු කළ හෙට්ටිආරච්චි මහැදුරාණෝ විෂයය පරිබාහිර කටයුතු කෙරෙහි මහත් විමසිල්ලෙන් පසුවූහ. ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරයක ශාලාධිපති වශයෙන් කටයුතු කර ඇති ඔහු ශිෂ්‍ය සමිති සමාගම් කිහිපයක අනුශාසක තනතුර ද හෙබවීය. දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලයේ සිංහල සමිතියේ අනුශාසක වශයෙන් ද කටයුතු කර ඇත. විශ්වවිද්‍යාලය ආරම්භක අවධියේ එහි බෞද්ධ පරිසරයක් නොපැවති අතර සරසවි භූමිය තුළ චෛත්‍යයක් ඉදි කිරීමේ කාර්යයෙහි ප‍්‍රමුඛයා වශයෙන් කටයුතු කළේ හෙට්ටිආරච්චි ය. 1970 වර්ෂයේ ඔහු ලිස්බන් විශ්වවිද්‍යාලයෙන් පෘතුගීසි භාෂා අධ්‍යයනය පිළිබඳ ගෞරව සම්මාන සහිතව ඩිප්ලෝමා සහතිකයක් ද ලබා ගත්තේ ය. සිංහල, පාලි, සංස්කෘතාදි භාෂා පිළිබඳ ප‍්‍රවීණයෙකු වූ එතුමා හින්දි, ගුජරාටි, වංග, මරාටි ආදි පෙරදිග භාෂා පිළිබඳ පමණක් නොව ඉංග‍්‍රීසි, ලන්දේසි, පෘතුගීසි යන අපරදිග භාෂා ඇතුළු භාෂා 13ක් දැනසිටි දුර්ලභ ගණයේ විද්වතෙකි. 
භාෂා විමර්ශනය ද විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියට ඇතුළු කළ යුතු බව හඳුනාගත් හෙට්ටිආරච්චි නූතන වාග්විද්‍යාව විෂය ක්‍ෂේත‍්‍රය විශ්වවිද්‍යාලයට හඳුන්වා දුන්නේ ය. එහි ඉගැන්වීම කෙරෙහි ප‍්‍රාඥයෙකු නොසිටි බැවින් ඒ සඳහා ම.ව. සුගතපාල ද සිල්වා තෝරාගත් අතර ඔහුට වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පෙරදිග හා අප‍්‍රිකා අධ්‍යයනාංශයට යොමු කෙරිණි. 1959දී වාග්විද්‍යාව විෂයය දේශනමාලා ලංකා විශ්වවිද්‍යාලයෙහි ආරම්භ කළ අතර වාග්විද්‍යාව නමින් ස්වාධීන අධ්‍යයනාංශයක් ද පැවත ඇත. වාග්විද්‍යාත්මක පර්යේෂණ රාශියක් සිදු කළ හෙට්ටිආරච්චි ඒවා භාෂා විශ්ලේෂණ, භාෂා විචාර, භාෂා සමීක්ෂා ආදි නම්වලින් හැඳින්වීය.
භාෂා විශ්ලේෂණ යටතේ ශබ්ද පරිණාමය, ව්‍යාකරණ පරිණාමය සහ වචන කෝෂය පිළිබඳ පර්යේෂණ මෙහෙයවා ඇත. ශබ්ද පරිණාම විධි ‘ශබ්ද ධර්ම’ යනුවෙන් හඳුන්වනු ලබන අතර භාෂා අතර පවතින ඥාති සබඳතා නිර්ණය කිරීමේ දී භාවිත කොටගන්නා පදනම වන්නේ මෙකී ශබ්දධර්ම යි. හෙට්ටිආරච්චි ශබ්ද පරිණාමය පිළිබඳ ලියූ ලේඛන වෙසතුරු දා සන්නෙ සංස්කරණය කරමින් එයට ලියූ ප‍්‍රස්තාවනාවෙන් හඳුනාගත හැකිය. එපමණක් ද නොව ඉන්දියානු සඟරාවක Behaviour of Consonans in Sinhalese යන මාතෘකාවෙන් ලිපියක් ද පළ කළේය. සිංහල හෝඩියට අනන්‍ය අක්ෂරද්වයක් ලෙස ඇ, ඈ නම් කළ අතර ස්වර පරිණාමයේ දී බලපෑ වෙනත් ශබ්ද ධර්ම ලෙස සාදෘශ වීම, විසදෘශ වීම සහ ස්වර භක්තිය නම් කොට තිබේ. ව්‍යාකරණ පරිණාමය පිළිබඳ පර්යේෂණ කළ හෙට්ටිආරච්චි අව්‍යපද හා යුගල පද පිළිබඳ තම විචාරාක්ෂිය යොමු කළේය. එපමණක් ද නොව සිංහල විභක්ති ප‍්‍රත්‍යයන්ගේ පරිණාමය පිළිබඳව ද පූර්ණ විශ්ලේෂණයක් එතුමාණන් සිදු කරමින් තමා සොයාගත් තද්ව්‍යාකරණ නිගමන භාෂා විචාර ලිපි මගින් ඉදිරිපත් කළේ ය. භාෂා විශ්ලේෂණයේ තෙවන ක්‍ෂේත‍්‍රය වූයේ වචනකෝෂය යි. හෙට්ටිආරච්චි වියතාණන්ගේ වාග්විද්‍යා පර්යේෂණ අතුරින් වැඩිපුර අධ්‍යයන සිදු කර ඇත්තේ සිංහල වචනකෝෂය සංවර්ධනය වූ ආකාරය අධ්‍යයනය කිරීම කෙරෙහි ය. එතුමා සිංහල ශබ්දකෝෂ මණ්ඩලයේ උපකර්තෘවරයෙකු වශයෙන් කටයුතු කිරීම මෙසේ අධ්‍යයන පරාසය පෘථුල වීම කෙරෙහි බලපෑවේ ය. භාෂාවක වචනකෝෂය සකස් වීම කෙරෙහි සංස්කෘතික සංඝට්ටනයේ බලපෑම තදින්ම ලැබෙන බව සඳහන් කළ ඔහු සිංහල වචනකෝෂය සඳහා පෘතුගීසි ආදි භාෂා, සංස්කෘතීන්ගේ ආභාසය ලැබුණු බව කියයි. මහනුවර යුගයේ දී සිංහල වචනකෝෂය කථා ව්‍යවහාරයට බෙහෙවින් නැඹුරු වී ඇති බව බොහෝ භාෂාවේදීන් සඳහන් කර ඇති අතර නීති නිඝණ්ඩුව නමින් මෙකල ලියැවුණු කෘතියෙන් ඒ බව තවදුරටත් සනාථ වේ. තද්කෘතියේ ඇතුළත් වචන කෝෂය විග‍්‍රහ කරමින් හෙට්ටිආරච්චි වියතාණන් ඉංග‍්‍රීසි බසින් ලිපියක් ද ලියා පළ කොට ඇත. 
භාෂා විචාර යටතේ ව්‍යාකරණ විචාර, නිරුක්ති විචාර, භාෂා සම්භව විචාර වශයෙන් ක්‍ෂේත‍්‍ර තුනක් හඳුන්වා දුන් හෙට්ටිආරච්චි මහතා ව්‍යාකරණ විචාර යටතේ, සිංහල භාෂාවේ ව්‍යාකරණය පරිණාමයට පත් වූ ආකාරය පිළිබඳ අධ්‍යයනය කළ විල්හෙල්ම් ෙගෙගර්ගේ තදීය අධ්‍යයනය ඊට වඩා විද්‍යාත්මකව ඉදිරිපත් කළ හැකිව තිබූ බව සඳහන් කරයි. එවැනි ස්ථාන කිහිපයක් පිළිබඳව Some Notes on Geiger Grammar of the Sinhalese Language
 නමින් පළ කළ ලිපියෙහි දක්වා තිබේ. සමහර විභක්ති ප‍්‍රත්‍යයන් ෙගෙගර්තුමා සාවද්‍ය ලෙස යොදා ඇති බව පෙන්වා දෙමින් ඒවා නිවැරදි විය යුතු ආකාරය ද පැහැදිලි කර ඇත. නිරුක්ති විචාර පිළිබඳ අදහස් ඉදිරිපත් කරමින් ෙගෙගර්ගේ නිරුක්ති විචාර පිළිබඳ විවේචනාත්මක දෘෂ්ටියක් හෙළා ඇත. ෙගෙගර් ඉදිරිපත් කළ බොහෝ නිරුක්ති විචාර සාවද්‍ය බව පෙන්වා දෙමින් හෙට්ටිආරච්චි වියතාණෝ An Etymological Glossary of the Sinhalese Language’ නම් වූ ලිපිය මගින් ඔහුගේ අදහස් කරුණු සහිතව දක්වයි. භාෂා සම්භව විචාර ක්‍ෂේත‍්‍රය පිළිබඳ අදහස් දක්වන ඔහු සිංහල භාෂාව අතිශයින් සංකීර්ණ භාෂාවක් බවත්, එය නැගෙනහිර භාෂා ගණයට හෝ බටහිර භාෂා ගණයට හෝ අයත් කොට දැක්වීම අසීරු කරුණක් බවත් සඳහන් කළේ ය. ඔහු පෙන්වා දෙන්නේ සිංහල භාෂාව ඉන්දියාවේ බටහිරටත් වයඹටත් අතර ප‍්‍රදේශයට භාවිත වූ ප‍්‍රාකෘතයකින් පරිණාමය වූ බවයි. සිංහලය වඩාත් නෑකම් කියන්නේ සින්දි භාෂාවට බව ඔහුගේ අදහසයි.
භාෂා සමීක්ෂණ යටතේ සිංහල උපභාෂා සමීක්ෂණ, වැදිභාෂා සමීක්ෂණ, මාලදිවයින් භාෂා සමීක්ෂණ ලෙස පර්යේෂණ කටයුතු සිදු කොට භාෂාව සම්බන්ධයෙන් අතිශයින් වැදගත් තොරතුරු රැුසක් හෙළි කරගැනීමට සමර්ථ විය. සිංහල උපභාෂා ගවේෂණයේ නියමුවා වශයෙන් සම්භාවනාවට පත්වන්නේ ද එතුමාණන් ය. ලංකාවේ විවිධ පළාත්වල භාවිත කෙරෙන උපභාෂා පිළිබඳ පර්යේෂණ කළ ඔහු සිංහලය සඳහා උපභාෂා සිතියමක් සම්පාදනය කර එහි වචනකෝෂය විධිමත්ව හැදෑරී ය. දුම්බර, දිගාමඩුල්ල, මහියංගණ, මොණරාගල ආදි දුෂ්කර පළාත්වල දී සිදු කෙරුණු බොහෝ උපභාෂා පර්යේෂණ අතිශයින් සාර්ථක වූ අතර ඒ සම්බන්ධ ප‍්‍රාමාණිකයෙක් ද විය. එසේම ලංකාවේ වැදිජනයාගේ භාෂාව පිළිබඳ මෙකල බොහෝ දෙනා පර්යේෂණ කළ අතර හෙට්ටිආරච්චි ද ඉන් එක් අයෙකි. මාලදිවයින් භාෂාව සිංහල භාෂාව හා සමීප බවක් දක්වන අතර ඊට හේතුසාධක හෙට්ටිආරච්චි ඉදිරිපත් කළේ ය. එහි දී ඔහු සඳහන් කළේ සිංහල භාෂාව කථා කළ පිරිසක් මාලදිවයිනේ වූ අතර ඔවුන් අරාබි, දෙමළ, මලයාලම් ආදි භාෂාවන් සමග සබඳතා පැවැත්වීම මත ක‍්‍රමයෙන් සිංහල භාෂා ස්වරූපයෙන් වෙනස්ව ඇත. මාලදිවයින සඳහා ජාතික ගීයක් නිර්මාණය කරදෙන ලෙස 1970 වර්ෂයේ දී එරටින් ආරාධනා ලැබුණු අතර ඩබ්.ඞී. අමරදේව සංගීතඥයා සමග එහි ගොස් සිටි කල මෙලෙස එහි භාෂාව පිළිබඳ අධ්‍යයන කළ බව තවදුරටත් සඳහන් කළ හැකිය. 
භාෂාව පිළිබඳව පමණක් නොව සිංහල සාහිත්‍ය විෂයයෙහි ද හෙට්ටිආරච්චි ඇදුරිඳුන්ගේ දායකත්වය සුළුකොට තැකිය නොහැකි ය. භාෂා රැුසක ප‍්‍රාගුණ්‍යයෙන් හෙබියා වූ නිසා ග‍්‍රන්ථ සංස්කරණයට අභිරුචියක් දැක්වූ ඔහු ප‍්‍රකාශයට පත් කළ පළමු ග‍්‍රන්ථය පූජාවලිය සංස්කරණය (1936) යි. එසේම පැරණි දඹදිව සාහිත්‍ය (1946) නමින් කෘතියක් ද ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වන ප‍්‍රාචීන විභාග නිර්දේශිත ප‍්‍රාකෘත භාෂාව පිළිබඳ සුදුසු කෘතියක් නොවීම නිසා ප‍්‍රාකෘත සංග‍්‍රහය (1946) නමින් කෘතියක් ද ලියා පළ කළේ ය. එම වර්ෂයෙහිම සිංහල ථූපවංශයේ කොටසක් ද සංස්කරණය කොට පළ කළේ ය. ආචාර්ය රම්මණ්ඩල මහතා සමග ජාතක අටුවා ගැටපදයේ ද්විතීය භාගය සංස්කරණය (1960) කළ ඔහු මහත් අභිරුචියෙන් ඉගැන්වූ ධම්පියා අටුවා ගැටපද සන්න සංස්කරණයක් (1974) ද කළේ ය. පියදාස නිශ්ශංක මහතා සමග එක්ව ශාකුන්තලය සිංහලට පරිවර්තනය කළ අතර එය 1962 වර්ෂයේ දී ප‍්‍රකාශයට පත් විය. ඔහුගේ ශාස්තීී‍්‍රය ජීවිතය තුළ භාෂාව හා සාහිත්‍ය සම්බන්ධයෙන් සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ලිපි රාශියක් ලියා පළ කළේ ය. 1931 වර්ෂයේ සිට සිංහල ශබ්දකෝෂ මණ්ඩලයේ සහ සිංහල විශ්වකෝෂ මණ්ඩලයේ උපකර්තෘවරයෙකු වශයෙන් කටයුතු කළ හෙට්ටිආරච්චි අඩසියවසකට අධික කාලයක් සංස්කාරකයෙකු වශයෙන් ජාතික මෙහෙවරක් ඉටු කළේ ය. ඒ අනුව කථිකාචාර්යවරයෙකු, මහාචාර්යවරයෙකු, පීඨාධිපතිවරයෙකු, උපකුලපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළ හෙට්ටිආරච්චි මහැදුරාණන් සිංහල භාෂාව හා සාහිත්‍ය ඇතුළු ශාස්ත‍්‍රීය ලෝකය වෙනුවෙන් කළ මෙහෙය එහි අභ්‍යුදය පිණිස බලපෑ බව නොකිව මනා ය. වර්තමානයේ පවා ඞී.ඊ. හෙට්ටිආරච්චි මහැදුරු නාමය ඉමහත් ගරු බහුමානයෙන් සිහිපත් කරන්නේ ඒ උත්තුංග ශාස්ත‍්‍රීය සේවාව නිසාම ය. 


පදියතලාවේ ඤාණවිමල හිමි
gnanawimala123@gmail.com