යහපත් දිවියකට මග
”සක්කෝ උජූ ච සූජූ ච සුවචෝ චස්ස මුදු අනතිමානි. සන්තුස්සකෝ ච සුභරෝ ච අප්පකිච්ඡෝ ච සල්ල හුකවුත්තී. සන්තින්ද්‍රයෝ ච නිපකෝ”
මු`ඵ සූත‍්‍ර දේශනාවම ගත්තත් ඒ සෑම ධර්ම පාඨයකින් ම පෙන්නුම් කෙරෙන්නේ අප කෙසේ ද මේ සමාජයේ ජීවත් විය යුත්තේ යන්නයි. එහි දී ඉහත ස`දහන් කළ පාඨය අතිශයින් ම වැදගත් වන්නේ මනුෂ්‍යත්වය ලැබූවෙක් නම් ඔහු තුළ තිබිය යුතු මූලික ගුණධර්ම රාශියක් මෙහි අන්තර්ගත වී තිබීමයි. මෙහි මුලින්ම දැක්වෙන්නේ සක්කෝ යන්නයි.
එහි සරල අර්ථය වන්නේ ‘හැකියි’ යන්නයි. එනම් කුමක්ද හැකි වන්නේ යන්න අප විමර්ශනාත්මකව සොයා බැලිය යුතුය. මේ සමාජයේ අප ජීවත් වන විට ඕනෑම තැනැත්තෙකුට ඉටු කළයුතු යුතුකම් සමුදායක් හා වගකීම් සමුදායක් ඇත. විශේෂයෙන්ම මේ ලබා ගත් ජීවිතය අරුත් සම්පන්න එකක් බවට පත් කර ගන්නේ නම් ඒ ස`දහා විශේෂ උත්සාහයක් මහන්සියක් ගත යුතුය. (උට්ඨානවතෝ/ උට්ඨානේන) එහි දී එම කාර්ය සඵල කර ගැනීම තෙක් ගමන් කරන්නේ නම් යහපත් මානසිකත්වයක් (සම්මා සති) ද තිබිය යුතු වන්නේමය. ධනාත්මක සිතුවිල්ලක් උදා කර ගැනීමේ දී මේ පාඨය අතිශය වැදගත් වේ. මව් කුසින් බිහි වූ දාම අපට යමක් පිළිබදව විචාර පූර්වකව සිතන්නට හෝ යමක් නිසි ලෙස කරන්නට පු`ඵවන් කමක් නැත. ක‍්‍රම ක‍්‍රමයෙනි අප ඒ තත්ත්වය උදා කර ගන්නේ. ළමා වයසේ දීත් තරුණ අවස්ථාවේ දීත් මැදිවියේ දීත් ආදී වශයෙන් අප විසින් සම්පූර්ණ කළ යුතු බොහෝ දෑ තිබේ. මේ සියලූ දේ පිළිබ`ද නිසි ඕනෑකමක් හෝ අවශ්‍යතාවක් නොතිබෙන්නේ නම් නිසි ලෙස ඉටු කර ගැනීමට හැකි වන්නේ නැත. අධ්‍යාපනය හදාරන, ළමා අවධියේ සිටින දරුවෙකු නම් ඔහුට ඒ කාල වකවානුව තුළ විවිධ හැලහැප්පීම් ඇති විය හැකිය. විෂයය අධ්‍යයන කටයුතු බොහෝ අවස්ථාවල තේරුම් ගැනීමට අපහසු විය හැකිය. ගුරුවරයා උගන්වන දේ තේරුම් ගැනීමට නොහැකි වන්නට ද පු`ඵවන. මේ අවස්ථාවේ දී ඔහු තුළ තිබිය යුතු වැදගත්ම සංකල්පයක් වන්නේ කෙතෙක් අමාරු අපහසු වුව ද තම කාර්ය ‘කෙසේ හෝ සඵල කරගන්නෙමි’ යන හැ`ගීමයි. ඒ ස`දහා සිත යොමු කිරීමයි. තරුණ වයසේ පසුවන අයෙක් නම් ඔහුට සමාජීය ජීවිතයේ දීත් තම පෞද්ගලික ජීවිතයේ දීත් වි`දින්නට සිදුවන දෑ බොහෝය. රැුකීරක්ෂා කරන්නෙක් නම් ඔහුට දිනකට කළයුතු වැඩ ප‍්‍රමාණයක් ඇත. තමාගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් හෝ මානසික සුවය වෙනුවෙන් ද ඔහු වැඩිපුර සිතිය යුතුවේ. ඔහුට ද නොයෙක් අවස්ථාවල දී තම සේවාස්ථානයේ මිතුරන්ගෙන් හෝ වෙනත් නිලයන් දරණ අයගෙන් තාඩන-පීඩන සිදුවිය හැකිය. ඒවා වි`ද දරාගෙන ‘මට මේ දේ කළ හැකියි’ යනුවෙන් සිතා ඔහු කාර්යක්ෂම තම වගකීම් ඉටුකළ යුතුය. මවක් හෝ පියෙක් නම් තම අඹු-සැමි ජීවිතයේ දී බොහෝ ප‍්‍රශ්න-ගැටලූ ඇති වන අවස්ථා ඕනෑතරම් තිබේ. ආදරය, සෙනෙහස පිරි විවාහ දිවිය තවත් අර්ථ සම්පන්න කර ගැනීම උදෙසා හො`ද ආර්ථිකමය පසුබිමක් තිබීම වැදගත් වේ. (උට්ඨාන සම්පදා/ ආරක්ඛ සම්පදා/ කළ්‍යාණ මිත්තතා/ සමජීවිකතා) ඒ ස`දහා කරන සෑම කි‍්‍රයාවක් ම මහත් උනන්දුවෙන් උත්සාහයෙන්ම සිදු කළ යුත්තේය. එසේ වූ විටය ජීවිතය ප‍්‍රසන්න එකක් වන්නේ. මේ ගුණය රාජ්‍ය පාලනය කරන පිරිසට ද එක සේ හේතු-භූත වන කරුණකි. රටවැසියන් බලාපොරොත්තු වන්නේ හො`ද නිදහස් නිවහල් ජීවිතයක් ගතකරන්නටය. පාලකයන් නිසි ලෙස ඒ ස`දහා කි‍්‍රයාත්මක නොවන්නේ නම් පාලිතයන්ගේ ජීවිත ප‍්‍රාර්ථනා සුණුවිසුණු විය හැකිය. ඒ නිසා ඔවුන්ට ද මේ සංකල්පය බොහෝ සේ වැදගත් වේ. මේ අනුව පළමුවෙන්ම ස`දහන් වන මේ ධර්මතාව අපේ ජීවිතය සැපවත් කරන්නට, සාධනය කරන්නට බොහෝ සේ උපකාරී වන සංකල්පයක් බව පෙනේ.
දෙවැනිව ස`දහන් වන්නේ උජු යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ ඕනෑම දෙයක් පිළිබ`දව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවයි. තමන් ගන්නා තීරණ නිවැරදි ඒවාම වියයුතු අතර ඒ තීරණ වෙනත් කිසි`දු හේතුවක් මත වෙනස් කරන්නේ නැත. මේ ක‍්‍රමවේදය මිනිසත් බව ලැබූ සෑම දෙනාට එකසේ වැදගත් වේ. ලොකු-කුඩා වයස් භේදයකින් තොරව මෙහි අන්තර්ගතය ඕනෑම අයෙකුට භාවිතයට ගත හැකිය. අපේ ජීවිතය පරිහානියට පත්වන එක් ක‍්‍රමවේදයක් වන්නේ අනුන්ගේ බස් අසා අප ගන්නා තීන්දු-තීරණ ක්ෂණයකින් ක්ෂණය වෙනස් කිරීමයි. එවිට තමන් කරන්නේ හො`ද කි‍්‍රයාවක් නම් ඒ පිළිබ`දව ඔහු තුළ පවතින්නේ සැකයකි. ඒත් එක්කම ඔහුගේ අවශ්‍යතාව හීන වී යන්නට ද පු`ඵවන. මේ හේතුව නිසාවෙනි අප ඍජු චරිතයක් විය යුත්තේ. එසේ වුවද වැරදි තීරණ ගන්නේ නම් එය වැරදි තීරණයක්ය යන හැ`ගීම ආ විට හෝ වෙනත් අයෙකු විසින් ඒ කි‍්‍රයාව වැරදි සහගත බව ප‍්‍රකාශ කළ විට එය ඉවත දැමීමේ ශක්තිය ද තිබිය යුතුමය. එය ඍජුකමට බාධාවක් නොවේ. ඍජුබව තිබිය යුත්තේ තම ජීවිත සාධනය පිණස මිස ජීවිත පරිහානිය පිණිස නොවේ. යම් ආයතනයක් ප‍්‍රධානියෙක් නම් ඔහු තම සේවකයන් පාලනය කිරීමේ දී ඔවුන්ට වැඩ පැවරීමේ දී ඍජු ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. එවිටය එහි සංවර්ධනයක් දැකිය හැකි වන්නේ. පාසලක් නම් එහි විදුහල්පතිවරයා ඍජු ගුණයෙන් හෙබි අයෙක් විය යුතුය. එවිටය එහි ඉගෙනුම ලබන දරුවන්ට නිසි ඵල ලැබිය හැකි වන්නේ. උගන්වන ගුරුවරුන් ද ඍජු බවින් යුක්ත විය යුතුය. එවිටය ඉගෙනගන්නන් ද මහත් සැලකිල්ලෙන් ඕනෑකමින් අධ්‍යාපනයේ යෙදෙන්නේ. නිවසක නම් මව-පියා දෙපළම ඍජු තීරණ ගන්නා චරිත විය යුතුය. එය දරුවන්ගේ ආදරයට සෙනෙහසට බාධාවක් නොව තම දරුවන්ගේත් මානව පවුලේත් සුබ සිද්ධිය උදෙසා ගනු ලබන නිවැරදි තීරණ ඒ ආකාරයට ම ඉටු කිරීමේ කි‍්‍රයාවලියේ මුදුන් මුලයි. මේ අනුව මෙහි ඇති ධර්මතාව භාවිත කරන්නේ නම් එය සාර්ථක දිවි පැවැත්මක කේන්ද්‍රීය ලක්ෂණයක් විය හැකිය.
කරණීය මෙත්ත සූත‍්‍රයේ ඊළ`ගට ස`දහන් වන්නේ සුවච යන ගුණය යි. ‘වච’ යනු වචනය යි. සුවච යන්නෙන් ගම්‍ය වන්නේ පි‍්‍රයශීලී, හික්මුණු, කණට පි‍්‍රය සත්‍යය වචන යන්නයි. දෙදෙනෙක් අතර හෝ පිරිසක් අතර බොහෝ විට භේද භින්න හටගන්නට ප‍්‍රමුඛතම හේතුවක් වන්නේ සත්‍යවාදී නොවීම යි. තමන් පිළිබ`ද අන්‍යයන් තුළ විස්වාසය ගොඩනැගීම උදෙසා සත්‍යය වචනය වැදගත් වේ. සම්බුදු හිමියන් දේශනා කළේ ‘විස්වාසා පරමා ඤාති’ යනුවෙනි. එනම් විස්වාසය නම් තමන්ගේ උතුම්ම ඥාතියාය යන්නය. එසේ නම් අප මුවින් නිකුත් කරන වචන පිළිබ`ද කොයිතරම් සැලකිල්ලක් දැක්විය යුතුදැයි අපට නැවත වරක් සිතා බැලීමේ අවස්ථාව උදාවී තිබේ. ලොවෙහි මෙතෙක් වංචා-duuෂණ ආදියත් යුදමය වාතාවරණයක් ඇතිවීම කෙරෙහි බොහෝ සෙයින් හේතවක් වී ඇත්තේ සත්‍යයවාදී නොවීමය. අනුන් භේද කිරීමට, දෙදෙනෙක් අතර පවත්නා සම`ගිය විනාශ කිරීමට එක් වචනයක් ප‍්‍රමාණවත් ය. තමන් කුමන තනතුර දැරුව ද වචන භාවිතාවේ දී අන්‍යයන් පිළිබ`දව මොලොක් සිතින් යුතුව කළ යුතුය. නිවසේ නම් මව පියා තම දරුවන් ඇමතීමේ දී හො`ද වචනම භාවිත කළ යුතුය. තම දරුවන්ට නිවැරදි සමාජානුයෝජනයක් ලබා දිය හැකි වන්නේ එවිට ය. පාසලේ දී නම් ගුරුවරයා හො`ද බස් වහරන්නෙක් විය යුතුමය. උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ද තම වචන භාවිතාව කෙරෙහි වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතුය. නිවසේ දී දෙමාපියන්ගෙන් සන්නිවේදනය වන දේට අලූතින් යමක් එකතු වන්නේ පාසලෙනි. ඒ නිසා ගුරු වෘත්තියේ නියුතු ගුරුභවත්හු සත්‍යයවාදී යහපත් පි‍්‍රය වචන භාවිත කරන්නෝ විය යුත්තෝ ය. අනුන්ට තමා කෙරෙහි ප‍්‍රිය ඉපදවීමේ දී වඩාත් වැදගත් සාධකය වන්නේ වචනය යි. කෙතරම් ප‍්‍රිය මනාප ශරීරයක් තිබුණත් ඔහු හෝ ඇයගේ වදන් එසේ පි‍්‍රය මනාප නොවන්නේ නම් එහි වටිනාකමක් නැත.
සුවච යන ගුණයත් සම`ග සම්බන්ධ වන ඊළ`ග ගුණය වන්නේ මුදු ගුණය යි. මෘදු මොලොක් බව, සැර පරුස් බවින් තොර බව, කාරුණික බව, දයාසම්පන්න බව ආදී ගුණාංග ඉස්මතු වන්නේ මේ ගුණයත් සම`ගය. කෙතරම් සැර පරුෂ වුව, කියන කිසිම දෙයක් අසන්නැති අයෙක් වුව එක් මුදු වදනකින් ඔහුගේ පරුෂ බව නැතිකළ හැකිය. මේ ස`දහා අතිශය වැදගත් අවස්ථාවන් රාශියක් බුද්ධ චරිතය හා සම්බන්ධව ඇත. අහිංසක කුමරු අංගුලිමාල කළේ ද නැවත ඔහු අහිංසක චරිතයක් කළේ ද වචනයෙනි. ඔහුගේ මිතුරන් ඔහු කෙරේ ඊර්ෂ්‍යාවෙන් ගුරුතුමාට කේළම් කිව් නිසා ඔහුට ලැබුණු ගුරු පූජාව වූයේ මිනිසුන් දහසකගේ ඇ`ගිලි කැපීමයි. ඒ අවස්ථාවේ ගුරුතුමා ක‍්‍රියා කළේ මුදු සිතකින් නොවේ. ඇ`ගිලි නවසිය අනූ නවයක් කපා දහස පූරණය කරන අවස්ථාව එනතෙක් ඇ`ගිලි ගනිමින් සිටි ඔහුට බුදුරජාණන් වහන්සේගේ මුදු වදන් කණ වැකෙත්ම සිත සැනහී නැවත අහිංසක තැනැත්තෙක් බවට පත් විය. නාලාගිරි ඇතා ද ආලවක යක්ෂයා ද දමනය වූයේ බුදුන්ගේ මහා කරුණා ගුණය හේතුවෙනි. මේ නිසා තවත් අයෙක් සන්සුන් කරන, මානසික සුවය එළවන, හිතවත් කරන ගුණයකි මුදු යනුවෙන් සැලකෙන්නේ. මහා බ‍්‍රහ්මයා සතු උතුම් ගුණයක් ලෙසත් මෙය විටෙක සම්භාවනාවට පාත‍්‍ර වෙයි. දෙමාපියන් තුළ ද මෙකී ගුණය ඇති බව සම්බුදු හිමියන් විසින් දේශිත ය.
ඉන් පසුව ඇති ගුණය නම් අනතිමානි ගුණයයි. මෙයට තවත් නමක් නම් නිහතමානි බවයි. එනම් තමන් කෙතෙක් භෞතික-අභෞතික වස්තුවලින් ආඪ්‍යත්වයට පත් වී සිටිය ද අහංකාර බවක් හෝ උ`ඩ`ගු බවක් ඇති නොවීමයි. සමහරු තම වංශය නිසා කුලය නිසා දේපල නිසා හෝ ධනය නිසා අහංකාර වෙති. උ`ඩ`ගු වෙති. මානයෙන් ඉදිමෙති. නමුදු ඒ සංකල්පය තමාගේ විනාශය පිණිස පවතී. තමන්ට හිත මිතුරෙක් පවා නැතිවී යන්නේ උඩ`ගුකමින් යුක්තවීම නිසාවෙනි. සමාජයේ ජීවත් වන විට තමන් අනුන්ට වඩා උසස් යැයි ධන සම්පත්වලින් අඪ්‍ය යැයි හ`ගින්නට ඉඩ හැරීම මානයෙන් පිරුණා වූ අහංකාර වූ අයවලූන්ගේ සිරිතය. සම්බුදු හිමියන් වරෙක දේශනා කළේ ති‍්‍රවිධ මානය තමාගේ ජීවිතය විනාශ කිරීමට යෙදෙන ප‍්‍රබලතම සංකල්පයක් බවයි. (තමාට වඩා ඉහළ (සෙය්‍යමාන), තමා හා සමාන (සදිසමාන), තමා අනුන්ට වඩා පහත (හීනමාන) මේ මානය මානසික රෝගයක් ලෙස සලකා බැහැර කළ යුතු බවයි බුදු දහමේ ස`දහන් වන්නේ. නිහතමානි තැනැත්තා තුළ ද්වේෂය වෛරය විරලය. ඔහු නිතර අන් අයගේ ඇසුර පතයි. ඔවුන් සම`ග සුහදව වසයි. අනුන්ට උපකාර කිරීම් ආදිය ද කරයි. හො`ද නායකයෙක් වීමට නම් අතිශයින් ම වැදගත් වන්නේ නිහතමානිකමයි. මේ නිසා සාමාන්‍ය ජීවිතයේ දී ද සමාජීය ජීවිතයේ දී ද නිහතමානි ගුණය වැදගත් ය. අපට අප ගැන ප‍්‍රසාදයක් ඇති කර ගැනීමට නම් නිහතමානි අයෙක්ම විය යුතුය.
සන්තුට්ඨි නමින් හැ`දින්වෙන්නේ ඊළ`ග ගුණය යි. මෙහි සරල අර්ථය වන්නේ ලද දෙයින් සතුටු වීම යනුයි. අපි ජීවන සාධනයේ දී නොයෙක් ක‍්‍රියාවන් කරමු. නමුදු අප කරන කි‍්‍රයාවේ ප‍්‍රතිඵල බලාපොරොත්තු වන ලෙසම ලබා ගැනීමට අපට බොහෝ විට ඉඩ හසර ඇහිරී යයි. එවන් විටෙක අප ලැබෙන දෙයින් සැනසිය යුතුය. සම්බුදු හිමියන් පෙන්වා දෙන්නේ මිනිසත් බව ලැබුවෙකුගේ උතුම් වූ ධනය සතුට බවයි.(සන්තුට්ඨි පරමං ධනං)අප ඇසුරු කරන දහමේ කර්ම න්‍යයායක් ඇති නිසා සමහර විට අප කරන කි‍්‍රයාවෙහි ප‍්‍රතිඵල යම් ලෙසින් අඩු-වැඩි විය හැකිය. ඒ නිසා හැකි තරම් අප උත්සාහය වීර්යය ඇති කරගෙන සෑම කි‍්‍රයාවක් ම සාර්ථක කර ගැනීමට සිත ඇති කර ගත යුතුය. බුදු දහමේ කිසිම විටෙක අලසකමට ඉඩක් ලබා දෙන්නේ නැත. සම්මා වායාම (යහපත් උත්සාහය) වැඩිය යුතු බවයි සම්බුදු හිමියන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී දේශනා කර ඇත්තේ. ඒ නිසා ජීවිතයේ සතුටක් වි`දීමට නම් එය සාර්ථක කර ගත යුතුය. ඒ ස`දහා ය සම්බුදු දහම අප භාවිතයට ගත යුත්තේ. උන්වහන්සේ කිසි දිනෙක සැපවත් ජීවිතය පරිහානියට හේතුවන බව වදාරා නැත. අණන සූත‍්‍ර දේශනාවෙන් පවා පෙන්වා දෙන්නේ මෙලෝ ජීවිතයේ දී සැනසීමෙන් හා සතුටින් සිටීමට හැකි පරිදි කටයුතු සම්පාදනය කළ යුතු බවයි. එහිදී හො`දින් ජීවත් වීම ස`දහා ධනයක් ඇතැයි සිතීමෙන් (භෝග සුඛ), කිසිවෙකුට ණයක් වී නැති බව හැ`ගීමෙන් (අණන සුඛ) හා නිවැරදි දිවි පැවැත්මකින් යුක්ත නිසා ඇතිවන සතුට (අනවජ්ජ සුඛ) මත දිවිමෙ`ග් බලාපොරොත්තු වන සාධනීය තත්ත්වය ළ`ගා කර ගත හැකිවන්නේ ය. මේ පිළිබ`ද සිතා ඕනෑම අයෙකුට සැනසීමෙන් ජීවත් විය හැකිය. විශේෂයෙන් ම මේ තත්ත්වය උදා කර ගැනීම ස`දහා ඉහතින් ස`දහන් කළ ගුණාංග මනාව පූරණය කළ යුතු වන්නේ ය.
සන්තුට්ඨියෙන් පසුව දැක්වෙන්නේ සුභර ගුණය යි. මෙයින් හැෙ`ගන්නේ ‘පහසුවෙන් පෝෂණය කළ හැකි යන්නයි.’ ලොව ජීවත් වන සියල්ලන්ටම පහසුවෙන් ජීවත් විය නොහැකිය. විවිධ අපහසුතා තිබේ. සමාජයේ ජීවත් වන විට මේ ගුණයෙන් යුක්ත නම් ඕනෑම තැනක ගොස් පහසුවෙන් සිටිය හැකිය. අප ගන්නා ආහාරපාන හෝ වස්ත‍්‍රාභරණ හෝ වෙනත් දෑ තමන්ගේ සන්තකයේ ඇති මුදලට සාපේක්ෂව ගත යුතුය. (සමජීවිකතා) නො එසේ නම් වන්නේ මහත් පසුතැවිල්ලකි. පවුල් ජීවිතය විනාශ වී යාමට සමහර අවස්ථාවල ප‍්‍රධානතම හේතුවක් වන්නේ මේ ගුණාංගයෙන් රහිත වීමය. අඹු-සැමි ජීවිතයේ දී දෙදෙනාට ම තම ආර්ථිකය වර්ධනය කර ගැනීමට වගකීම ඇත. තම දරුවන්ට සුදුසු දෑ ලබාදෙමින් අනවශ්‍ය දෑ මිලදී ගැනීමෙන් වැළකීමෙන් හො`ද ජීවිතයක් කරා ගමන් කළ හැකිය. බොහෝ අවස්ථාවලදී දරුවන්ට අනවශ්‍ය දෑ ලබා දීම මත දරුවාගේ ජීවිතය ද විනාශ වන අතර නිවසේ ආර්ථිකය ද බලා සිටිය දී ම පරිහානියට පත්වේ. මේ නිසා අප පිළිපැදිය යුතු වැදගත් ම කරුණක් වන්නේ තමන්ට අත්‍යවශ්‍ය දෑ පමණක් පරිභෝජනය තරමින් මානසික සුවතාවක් ඇති කරගෙන අනුන්ට බරක් නොවී සැහැල්ලූව ජීවත් වීමය. එවිට තමන් කරන කාර්යයන් පවා ඉතා හො`දින් ඉටු කර ගත හැකි වන්නේ ය.
ඊළ`ගට ස`දහන් වන්නේ අල්පකෘත්‍ය හෙවත් අප්පකිච්ච යන ගුණය යි. මෙය ද ඉහත ස`දහන් කළ ගුණයට සමගාමීව පවත්නා ගුණයකි. මෙයින් හැෙ`ගන සරල අරුත නම් තමන්ට පු`ඵවන් දේ පමණක් කරන්නට පෙළඹීමයි. එනම් මිනිසෙක් වශයෙන් ඕනෑම කෙනෙකුට දරා ගත හැකි උපරිමයක් තිබේ. ඒ උපරිමය පසුකළ විට නොදැනුවත්වම වුව ද සිදුවන්නේ විනාශයකි. ඒ නිසා මේ ගුණාංගයෙන් යුක්ත නම් සැහැල්ලූවෙන් ජීවත් විය හැකිය. ඉගෙනගන්නා වයසේ පසුවන්නන් තමන්ට හැකි පරිදි අධ්‍යාපනයේ යෙදිය යුතුය. සමහර දරුවන් පාඩම් කරන්නට යෑමේ දී මැදියම් රැුය පසුවන තුරුම නිදිවර්ජිතව යෙදේ. එය මානසික වශයෙන් ද කායික වශයෙන් ද පිරිහෙන්නට හේතු වන්නේ ය. රැුකියාවේ යෙදෙන්නෙකුට හෝ ගොවිතැන් ආදි කටයුතුවල යෙදෙන්නන්ට නම් තමන්ට කළ හැකි වැඩ කොටසක් තිබේ. ඊට එහා යන්නේ නම් එය ඔහුගේ විනාශය පිණිස හේතු වන්නේ ය. මේ ආදී වශයෙන් ගත් විට ඕනෑම අයෙකුට යම් සීමාවක් ඇත. ඒ සීමාවෙන් එපිට ගිය විට මහත් අසහනයක් දැනේ. ඒ නිසා අසහනයෙන් තොරව කායික මානසික සුවයත් සම`ග කළ හැකි කි‍්‍රයාවන්වල යෙදීම තුළින් බොහෝ කලක් නිදුක් නිරෝගි සුව වින්දනය කිරීමට පිටුවහලක් ලැබෙන්නේ ය. අප්පකිච්ච යන්නෙන් කියැවෙන්නේ එයයි. එයින් පසුව ඇත්තේ ‘සල්ල හුකවුත්ති’ නමින් හැ`දින්වෙන සැහැල්ලූ දිවි පෙවෙත යන්නයි. අල්පකෘත්‍ය ඇති විට සැහැල්ලූවෙන් ජීවත් විය හැකිය. ආහාරපාන ගත්තත් රක්ෂාවක් කළත් වෙනත් ඕනෑම කි‍්‍රයාවක නිරත වුවත් මේ සෑම අවස්ථාවක දී ම පමණට කළ යුතුය. පමණ ඉක්මවා ගිය විට ඇති වන්නේ වේදනාවකි. ආහාර තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ගන්නේ නම් හුස්ම ගැනීමට පවා නොහැකිව මහත් අපහසුතාවන්ට පත්වේ. එක් අවස්ථාවක දී කොසොල් මහරජතුමා ද ආහාර වැඩියෙන් ගැනීමෙන් ඇතිවන විපාක බුදු හිමියන්ගෙන් ම අසා දැනගෙන එයින් වැළකී ඇත. ඒ නිසා ජීවිතයේ දී අරපරෙස්සම අතිශයින් වැදගත් සංකල්පයකි. එය සරල දිවි පැවැත්ම හා බද්ධව පවතී. ආහාරපාන පමණක් නොව ඇ`දුම් පැළදුම් පවා මිලදී ගැනීමේ දී පරෙස්සමෙන් ගත යුතුය. අපේ සංස්කෘතියට ගැළපෙන, මිනිසුන්ට ප‍්‍රසන්නතාවක් ඇති කරවන ඒවා පාවිච්චි කිරීම අතිශය වැදගත් ය. සමහර විටෙක ඇ`දුම් පැළ`දුම් භාවිතය අනෙකාගේ ඊර්ෂ්‍යාවට හෝ සමච්චලයට හෝ කාමාශාව ඇතිවන්නට හේතුවක් විය හැකි ය. සමහර විට පොහොසත් යැයි කියා ගන්නා පවුල් පරිසරයේ නැති සැහැල්ලූ බවක් කටුමැටි ගැසූ නිවෙස්වල වෙසෙන දිනකට එක වේලකින් සෑහීමකට පත්වන පවුල්්වලින් දැකගත හැකිය. මිල මුදල් අතේ ගැවසෙන විට මසුරුකම ලෝභය ආදී අධාර්මික සංකල්ප ඇති විය හැකිය. (කෝසිය සිටුතුමා, ආනන්ද සිටුතුමා) ඒ නිසා ජීවිතයේ අවශ්‍යතා මොනවාදැයි හරිහැටි තෝරා බේරාගෙන කි‍්‍රයා කිරීම අතිශය වැදගත් වේ. මෙය ද ජීවන ගමන සාර්ථක කර ගැනීමට අතිශය වටිනාකමක් ඇති ගුණයකි බව ඒ අනුව අපට වැටහේ.
සන්තින්දියෝ නමින් හැ`දින්වෙන සංකල්පය අප සැවොම නිතර අසා තිබෙන තවත් එක ගුණාංගයකි. මනාව දැමුණු ඉ`දුරන් ඇති බව යන්න එයින් හැ`ගී යයි. ඉ`දුරන් සංවර කර ගැනීම සිතන තරම් පහසු කාරණාවක් වන්නේ නැත. සම්බුදු හිමියන් දේශනා කළේ සිත දමනය කර ගන්නා ලෙසයි. (සචිත්ත පරියෝදපනං* විවිධ සූත‍්‍ර දේශනාවලින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සිත සංවර කර ගැනීමෙන් ඇතිවන ශාන්තිය යි. උන්වහන්සේ දේශනා කළ එක් ගාථා පාඨයක් මෙහි දී ස`දහන් කිරීම වටී යැයි හ`ගිමි.
උදකං හි නයන්ති නෙත්තිකා - උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡුකා - අත්තානං දමයන්ති පණ්ඩිතා (ධම්මපදය)
ජලය කුඹුරු වෙත ගෙන යන්නන් එය මැනවින් ගෙන යෑමට දිය පහරවල් සකස් කරන්නාක් මෙන් දුණු හී සාදන්නවුන් නිසි පරිදි එය සකස් කර සාදන්නාක් මෙන් පණ්ඩිතයා ද තමන්ගේ සිත දමනය කරගනී, ඒ ස`දහා වෙහෙසේ යන්න එහි සරළාර්ථය යි. ශාන්ත ඉ`දුරන් දකින විට ඕනෑම අයෙකුට ඇති වන්නේ ප‍්‍රසන්න හැ`ගීමකි. නිරෝගි සුවය ස`දහාත් මෙහි බලපෑම ලැබේ.
නිපක ඊළ`ගට ඇති ගුණය යි. මෙහි අදහස නම් නිපුණ, පණ්ඩිත, දක්ෂ යන්න යි. ජීවිතයේ දී ඕනෑම දෙයකට දක්ෂතාව තිබිය යුතුය. අධ්‍යාපනය ලැබීමටත් හො`ද රැුකියාවක් කිරීමටත් කුසල් රැුස්කිරීමටත් සමාජීය කාරණා ඉටු කිරීමටත් හැකියාවක් හා නිපුණත්වයක් තිබීම අන්‍යයන් අතර කතාබහට ලක්වීමට හේතුවේ. කතාබහ යනු අනවශ්‍ය දෙයක් නොව තමන්ගේ හැකියාවන් පිළිබ`ද ඔවුන් තෘප්තිමත් වීම නිසා අසන්නට ලැබෙන ප‍්‍රසංසාවන් ය. සමහරුන්ට උපතින්ම යම් යම් දේ පිළිබ`ද නිපුණත්වයක් තිබිය හැකිය. සමහර දේ පුහුණුවීමෙන් ළ`ගා කර ගත හැකිය. කෙසේ හෝ සෑම අයෙක්ම යම් දේකට හෝ නිපුණත්වයක් ලබා තිබීම ඔහුගේත් ඔහුගේ මානව පවුලේත් මෙන් ම සමාජයේත් සංවර්ධනයට මහත් පිටුවහලකි.
මේ අනුව අප වන්දනාමාන කරන අවස්ථාවල දී කරණීයමෙත්ත සූත‍්‍රය කටපාඩමින් සජ්ඣායනා කළ ද මෙහි ඇති ගුණ ධර්ම අපේ දිවියට ඇතුළත් කරගන්නේ නම් අප නිරන්තර ප‍්‍රාර්ථනා කරන අප බලාපොරොත්තු වන සාර්ථකත්වය කරා ළ`ගා වීම අපහසු කාර්යයක් නොවේ. කෙටියෙන් නමුත් මේ ස`දහන් කළ ධර්ම කාරණාවන් ඔබේ ජීවිතය ආලෝකවත් කිරීමට මහ`ගු දායකත්වයක් සැපයේ. ඒ නිසා අපත් ලබා ගත් මේ දුර්ලභ වූ ජීවිතය (දුල්ලභං ච මනුස්සත්තං* සාර්ථක කර ගනු වස් මෙකී ගුණාංගයන් ජීවිතයට බද්ධ කර ගනිමු. මෙවන් උදාර චරිත ලක්ෂණවලින් හෙබි පුද්ගලයින් වැඩි වූ තරමටය සමාජය වුව සුන්දර වන්නේ. එහි පැවැත්ම ර`දා පැවැත්මට ද එය වැදගත් වේ. ඒ නිසා සමාජය සාමකාමී වේ. එවන් වූ සමාජයක් ප‍්‍රාර්ථනා කිරීම මෙන් ම එවන් සමාජයක ජීවත්වීමට ලැබීම අප ලබන්නා වූ සැනසීමකි. තෙරුවන් සරණයි.
රාජකිය පණ්ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශී‍්‍ර විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර
බිබිල
0715326935
No comments:
Post a Comment