දන්දුන් අනුහසින් දෙව්ලොව ගිය තරුණිය
(කුඤ්ජර විමාන වස්තුව)
සම්බුදු හිමියන් රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයේ එක්දිනක නගරයේ මහත්වූ උත්සවයක් විය. ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දාමයට පත් නුවර වැසියන්ගේ මෙම උත්සවය නැරඹීම සඳහා මගධාධිපති බිම්බිසාර රජුද හස්තියෙකු පිට නැගී මහත් ශ්‍රීයෙන් යුක්තව එහි පැමිණියේය. ඒ නුවර එක්තරා තරුණියක් රජතුමාගේ රූපශ්රිය සහ රජසම්පත් දැක උද්දාමයට පත්ව එහි සිටියාවූ සත්පුරුෂ මනුෂ්‍යයෙකුගෙන් මෙසේ සම්පත් වින්දනය කිරීමට කුමක් කළ යුතු දැයි විමසා සිටියාය. ඒ අවස්ථාවේදී ඒ සත්පුරුෂ තෙමේ ‘දානාදී පින්කම් මනා චේතනාවෙන් යුතුව කරන්නේ නම් එහි විපාක ලෙස මෙවැනි ශ්‍රී සම්පත් වින්දනය කළ හැකි බව’ පෙන්වා දුන්නේය. එයින්ම සතුටට පත් ඇය නිවෙසට ගොස් කෙසේ නම් මෙවැනි පින්කමක් කරන්නේදැයි කල්පනා කරමින් සිටියාය.
දිනක් ඇගේ නිවෙසට පැමිණි ඇයගේ මව්පියෝ ඇයට බොහෝ වූ තෑගිබෝග පරිත්‍යාග කොට ඔවුන් වසන ස්ථානයටම ගියහ. ඒ ත්‍යාග අතර ඉස්තරම් අලූත් රෙදි කොටස් දෙකක්, අලූත් පීඨිකාවක්, සියුම් කළඹක් සහ ගිතෙල්, මී සකුරු, කිරි, සහල් ආදී ආහාර ද්‍රව්‍යයද විය. මේවා තමන්ගේ පරිභෝජනය පිණිස එව්වද ඇයගේ සිත දන්දෙනු රිසියෙන් මෙහෙයවුණු නිසා වහාම සුදුසු වේලාවක ආහාර පිස, ආසන පණවා, ආසනය තැබූ ස්ථානයේ සතර පා මතුයෙහි පියුම් කළඹ සතරක් තබා උඩ සුදුවියන් බැඳ අසළ පරිසරය මනාව පිරිසිදු කර, ප්රතිග්රායකයන් වහන්සේලා වැඩි කල පූජාකිරීමට මල්කර`ඩුවක් පසෙකින් තබා තමනුත් ස්නානය කොට පිිරිසිදු වී සුදු වස්ත්‍ර හැඳ සුදුසු කාලය පැමිණි පසු දාසියකට කතා කර සිල්වත් කෙනෙකු සොයා කැඳවාගෙන එන ලෙස කීවාය.
දාසියද එවැනි උතුම් තැනැත්තෙකු සොයා මඟ සැරිසරන්නේ දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ හමුවූවාය. උන්වහන්සේ පි`ඩුපිණිස වැඩමවන බව හැඳින පාත්‍රය ඉල්වාගෙන තම ආර්යාවගේ නිවසට වඩින ලෙස ආරාධනා කර සිටියාය. උන්වහන්සේද එය පිළිගෙන ශාන්ත ලීලාවෙන් එහි වැඩම කර තරුණිය ඉමහත් ශ්‍රද්ධාවෙන් යුක්තව දුන් දානය වළදා පරිශ්කාර පූජා කිරීමෙන් අනතුරුව අනුමෙවෙනි දම්දෙසුමක් පවත්වා ආපසු විහාරයට වැඩම කළසේක. තරුණියද බෙහෙවින් සතුටට පැමිණ මේ කළ පිනෙන් මතු ඉපදෙන ආත්මයේ දිව්‍ය යස ඉසුරින් ආඪ්‍යත්වයට පත්වේවායි ප්‍රාර්ථනා කළාය. ඒ පිනෙන්ම ඇය ඊළඟ ආත්මභාවයේදී තවුතිසා දිව්‍යලෝකයේ හාරසියයක් ගව් පමණ රන් විමානයක උපන්නාය. පරිවාර ස්ත්‍රීන්ද දහසක් වූවාය. ඇය ප්‍රාර්ථනා කළ පරිදිම ඇගේ රූපශෝභාව අන්අයගේ නෙත්සිත් පැහැරසන්නා සුලූ වය. එසේම ස්වර්ණාභරණයෙන් විභූෂිත වූ විසි ගව් පමණ උතුම් කුඤ්ජර වාහනයක් පහළ විය. ඒ ඇතු පිට අනේකවිධ මාණික්‍යවලින් බබළන්නාවූත් මනාසුවපහසු ඇත්තාවූත් ගව් සතරක් පමණ වූ උතුම් තැනෙක පර්යංකයක්ද පහළවිය. එම විමානය කුඤ්ජන විමාන නම් විය. ඇය බොහෝ අවස්ථාවන්හි තව්තිසාවේ නන්දන උයනේ ප්‍රීති ප්‍රමෝදයෙන් පිරිවර දිව්‍ය ස්ත්‍රීන් සමග කල් ගෙව්වාය.
මුගලන් මහරහතන් වහන්සේ දිනක් තව්තිසාවේ නන්දන උයනට වැඩි කල අනෙක් දෙව්වරුන් අතර මෙම දෙව්දුවගේ විශේෂත්වය දැක කුමන පුණ්‍යකර්මයක බලමහිමයකින් මෙසේ වූයේ දැයි විමසා සිටිසේක. ඇය තමාගේ පෙර භවයේදී කළ පුණ්‍යකර්මය පිළිබඳ සියලූ තතු පවසා සිටියාය. මේ සියලූ කරුණු ගළපාලමින් එහි වූ දේවතා සමූහයට උතුම් ධර්මදේශනාවක් සිදුකළ මුගලන් මහතෙරුන් වහන්සේ නිසා එහි වූ දේවතා සමූහයට මහත් සෙතක් සැළසිණ. එසේම මෙම සිදුවීම බුදුන්වහන්සේ හමුවේ පැවසීමෙන් අනතුරුව බුදුන් වහන්සේ මෙය අරමුණු කරගෙන වේළුවනාරාම විහාරයේදී කළ දේශනාව නිසා බොහෝ පිරිසකට ලෝකෝ්ත්තර වශයෙන් මෙන්ම ලෞකික වශයෙන්ද වැඩ සැළසිණ.
මෙම කතාපුවතින් වැදගත් කරුණක් අපට කියාපායි. එනම් දන්දීම් ආදී දෑ මැනවින් කළ යුතු බවත් එහි සැප විපාක තමතමන් ප්‍රාර්ථනා කරන අයුරින්ම ලැබෙන බවත්ය. අපිත් දානාදි පින්කම් කොට මෙලෝ පරලෝ ජීවිත සාර්ථක කරගනිමු.
No comments:
Post a Comment