දද්දල්ල විමාන වස්තුව
(සාංඝික දානයේ දානයේ අනුසස්)
ඒ සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනේපි`ඩු සිටාණන් කළ දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන කාලයයි. එම නගරය අසළ වූ නාල නම් වූ එක්තරා ගමක විසූ එක් කෙළෙඹි පුත්‍රයෙකුට දූවරු දෙදෙනෙක් වූහ. ඔවුන් දෙදෙනාගේ නම් භද්‍රා සහ සුභද්රාය. ඔවුන් දෙදෙනාම විවාහ වූයේ එක් පුරුෂයෙකු සමගය. ඉන් වැඩිමහළු තැනැත්තිය ශ්රද්ධාවන්ත වූවාය. බුදුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වූවාය. අනෙක් නැගෙනිය එසේ නොවූවාය. කෙසේ නමුත් භද්‍රාව තම නැගෙනියට තෙරුවන් ගුණ පහදා දෙමින් දන්දීමේ සිල් රැුකීමේ අනුසස් පහදා දුන්නීය. එකල්හි සුභද්‍රාව ද භද්රාවගේ වචන පිළිගෙන රේවත මහ රහතන් වහන්සේ ප්රමුඛ අටනමක් විෂයයෙහි සාංඝික වශයෙන් දනක් දුන්නාය. කර්මානුරූපව මිය ගිය සුභද්‍රාව නිම්මානරති දිව්‍ය ලෝකයේ දිව්‍ය යස ඉසුරින් යුක්තව උපත ලැබූ අතර ඇයගේ වැඩිමහළු සහෝදරිය තවුතිසා දිව්‍ය ලෝකයේ ශක්‍රයාගේ පරිචාරිකාව (බිරිඳ වී උප්පත්තිය ලැබුවාය. තම සහෝදරියගේ ජීවිතය කුමක් වූයේ දැයි පිරික්සා බලන සුභද්‍රාවෝ ඇය ශක්‍රයාගේ මෙහෙසිය වී තවුතිසා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබා ඇති බව දැන ඇය සම්මුඛ වීමට තවුතිසාවට පැමිණියාය. තමාගේ දිව්‍ය භවනයෙහි දිලිසෙමින් සිටි ඇය දැක භද්‍රාව ඇය කවරෙකුදැයි අසන්නී ඇය සියලූ පවත් පවසා සිටියාය. මෙතරම් දිව්‍ය යසඉසුරු ලැබීමටත් තමාට වඩා උසස් දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබීමට හේතුවාසනා වූයේ කිනම් පුණ්‍ය කර්මයක්දැයි භද්‍රාව විමසා සිටියාය.
මේ අවස්ථාවෙහි සුභද්‍රා දිව්‍යාංගනාව සියලූ පවත් පෙන්වා දෙමින් තමා සාංඝික වශයෙන් දානය පූජා කිරීමේ හේතුවෙන් මෙවැනි සම්පත් ලැබූ බව ප්‍රකාශ කර සිටියාය. භද්‍රාව දන් දී තිබුණේ සාංඝික වශයෙන් නොව පෞද්ගලික වශයෙනි. ඒ නිසා ඇය ලැබූ සම්පත්වලට වඩා අග්‍ර වූ සම්පත් ඇයගේ නැගෙනිය වූ සුභද්‍රාව ලැබුවාය. මෙම සංවාදය අසා සිටි ශක්‍රයා ඒ කවුදැයි භද්රාවගෙන් විමසා සිටින්නේ සියලූ පවත් හෙළි කර සිටියාය. මෙම පුවත ශක්‍රයා මුගලන් මහ රහතන් වහන්සේට පවසා සිටින ලදුව උන්වහන්සේ ද බුදුන් වහන්සේය එය දන්වා සිටියහ. මෙය අවස්ථාවක් කරගෙන බුදුන් වහන්සේ එහි වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ධර්මය දේශනා කර යහපතෙහි පිහිටුවා වඳාළ සේක.
දන්දීමේ ආනිසංස මනාව පෙන්වා දෙන මෙහි පෞද්ගලික දානයට වඩා සාංඝික කොට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මහාර්ඝ බව හෙළි කොට ඇත. මෙම කතාපුවත කියවන පින්වත් ඔබ සියල්ලෝම ද දන් දෙන්නෝ, යහපතෙහි යෙදෙන්නෝ වෙත්වා.
තෙරුවන් සරණයි
පදියතලාවේ ඤාණවිමල හිමි
No comments:
Post a Comment